සද්දෙයි දුමයි – ලොකුම දඩයයි – එක්ලක්ෂ දහනව දහසකක්

bicycleමහජනතාවට පීඩා වන අයුරින් යතුරුපැදියක් පැදවූ අයෙකුට බලපිටිය අධිකරණය විසින් ඊයේ (24) රුපියල් එක්ලක්ෂ දහනවදහසක (119 000) දඩ මුදලක් නියම කළේය. මෙවන් විශාල දඩ මුදලක් මෙරට අධිකරණයක් විසින් පැනවූ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙන බව වාර්තාවෙයි.

යතුරු පැදියේ චැසි අංකය වෙනස් කිරීම,සයිලන්සර් බැරලය වෙනස් කොට අධික ශබ්දයකින් ධාවනය කිරීම,ව්‍යාජ අංක තහඩු යෙදීම වැනි කාරණා මත මෙම යතුරුපැදිය බටපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණ.

ප්‍රදේශයේ ජනතාවට හා පාසල් ළමුන්ට පීඩා වන අයුරින් මෙම යතුරුපැදිය ධාවනය කළ බව ප්‍රදේශවාසීන් චෝදනා කොට තිබුණි. නඩු තීන්දුව අපට දැන්වූ පළාත් වැසියෙකු පැවසුයේ මෙම යතුරු පැදිය පැමිණෙන විට පාරේ ගැන ගන්නා පිරිස් බියට පත් වී පාරෙන් පිටත පනින බවයි

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.