සනත් ඇතුළු තේරීම් කම්ටුව ඉල්ලා අස්වීම් හකුලති………..

sanath-jayasuryaතේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම දී තිබූ සනත් ජයසූරිය එම ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගෙන ඇතැයි වාර්තා වේ.එසේ ඉල්ලා අස්වීමේ ලිපි ලබා දී තිබූ තේරීම් කමිටු සෙසු සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත හා රංජිත් මධුරසිංහ යන තිදෙදෙනාද සිය ඉල්ලා අස්වීමේ ලිපි නැවත ඉල්ලාගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා තේරීම් කමිටු තීරණවලට ඇගිලිගැසීමෙන් වැලැකී සිටින බවට දුන් පොරොන්දුව මත සනත් හා සෙසු පිරිස සිය තීරණය වෙනස් කිරීමට කටයුතු යොදා ඇති බව පැවසේ. කෙසේවුවද, සනත් මීට පෙරද තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අස්වීමේ ලිපිය ලබාදී නැවත හකුලාගෙන තිබිණි.

කුසල් ජනිත් ඕස්ට්‍රේලියා වට නොගිය රහස

දකුණු අප්‍රිකානු සංචාරයට එක්වූ කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමිවීමට හේතුව මේවන විට හෙළිව තිබේ. කුසල් එම සංචාරයට නම් නොකිරීමට හේතුවී ඇත්තේ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තීරණාත්මක තරගයක් හේතුවෙන් බව පැවසේ.

ලබන පෙබරවාරි 13 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලයේ පැවැත්වෙන සී.සී.සී. හා එස්.එස්.සී. අතර තරගය සහ හලාවත මේරියන්ස් හා රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ප්‍රමුඛ පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණයවීමට නියමිතය. එහි ශූරයන්ට රුපියල් ලක්ෂ 25ක් හා එම කණ්ඩායමට ගමන් ගැනීමට බස් රථයක් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ත්‍යාග ලෙස ලබාදීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.