සන්ධාන ලොක්කෝ මැ.කො. හමුවට.

ec

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අද (16) පස්වරුවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලු පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා  දැනුවත් කිරීම මෙහි අරමුණ බව ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. එහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව මෙන්ම සන්ධානයේ පක්ෂවලට ඇති ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

රජය විසින් දිගින් දිගටම සිදුකරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිසිවරයා දැනුවත් කළ යුතු බව මෙහිදී සන්ධානයේ පක්ෂ නායකයින් ප්‍රකාශ කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.