සන්නස්ගල රත්මලානෙන් වැඩට බසී

 

upul_shantha

 

 

 

තමන් ඉදිරි මහ මැතිවරණයේ දී රත්මලාන ප්‍රදේශයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙම අදහස් පළ කළේ මේ දිනවල ඔහුට එරෙහිව, මාධ්‍යවේදී සේපාල් අමරසිංහ මහතා ඇතුලු විශාල පිරිසක්, ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි තුළ එල්ල කරන විවිධ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

අමරසිංහ මහතාගේ චෝදනා පිළිබඳව සන්නස්ගල මහතා මෙසේ අදහස් පළ කළේය.

“සේපාල් අමරසිංහ කාලෙක මගේ මිත්‍රයෙක්. මම රත්මලානෙන් ඡන්දෙ ඉල්ලන හින්දා මේ දවස්වල එයා මගේ කැම්පේන් එක කරනවා. විවේචනය නොවන චරිතයක් ලෝකයේ කොහේදිවත් චරිතයක් වන්නේ නැහැ. ඒක හින්දා සේපාල් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ මගේ කොන්ත්‍රාත්තුවක්. ඒ ගැන මම සේපාල්ට ස්තූති කරනවා. සේපාල් විතරක් නෙවෙයි. මම දේශපාලනය කරන්න යන මේ වගේ වෙලාවක, නොමිලේම ස්වෙච්ඡාවෙන් ප්‍රචාරණ කටයුතු භාර ගැනීම සම්බන්ධව, සයිබර් අවකාශය ඇතුලේ මා පිළිබඳව කතා කරන සියළුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.”

මෙහි සම්පූර්ණ ලිපිය මෙතැනින් බලන්න.. http://gossip.am.lk/gossip/13387

 

උපුල් ශාන්ත සන්නස්ගල විවාදාත්මක චරිතයක්.මාධ්‍යවේදියෙක් කියා සිටියේ උපුල් හරියටම මාමයිට් වගේ.එයාට කැමති අය කොන්දේසි විරහිතව එයාට ආදරය කරනවා අනෙක් අයට එයාව පෙන්නන්න බැහැ.

මාමයිට් වලට කොළඹ දිස්ත්‍රික්කයේ ඇති ඉල්ලුම තවත් දින කීපයකින් දැනගත හැකිවෙනු ඇත.එතෙක් උපුල් විසින් රචිත මේ ගීතය විමසන්න.

[vsw id=”/9vh60a1Aum0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ

සඳුටත් කියලා
හිරුටත් කියාලා
ඔබ තරුවෙන් අරන් ගියා
සුවඳ සදා පෙති විහිදා
සුමුදු සිනා විඳි සිහිනේ
කඳුළින්ද ගිණි බින්නේ

සුසුමක් තියලා
සුවඳත් තියලා
ඔබ සුවඳ අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලඟින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා

කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ

ගායනය – මරියසෙල් ගුණතිලක
සංගීතය – නවරත්න ගමගේ
ගී පද – උපුල් ශාන්ත සන්නස්ගල
චිත්‍රපටිය – ආදරණිය වස්සානය

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.