සඳුදා පාර්ලිමේන්තුවේ හදිසි කැඳවීමක්

  chamal

 

 

අගවිනිසුරු ධුරයේ කටයුතු කළ මොහාන් පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටි විවාදය පැවැත්වීම සඳහා

ලබන සඳුදා පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමට කතානායක චමල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් පරිදි  මෙම  විශේෂ කැඳවීම කරනු ඇත.

 පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබුණේ ලබන පස්වන බ‍්‍රහස්පතින්දා පස්වරු එකටය. එහෙත් අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මෙම විවාදය සඳහා  පාර්ලිමේන්තුව සඳුදා පස්වරු දෙකට හදිසියේ කැඳවීමට කතානායකවරයා තීරණය කර ඇත.

downloadparliment

සෙංකඩගල එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය අමතමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටීයේ අප්‍රේල් 23 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි..

 ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වෙන බව  කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පැවසීය.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ්  ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය.

නව ක්‍රමය දැනට ක්‍රියාත්මක වන අනුපාත ක්‍රමය සහ වැඩිම චන්ද තම ආසනයෙන් ලබා ගත් පුද්ගලයා දිනන  මිශ්‍ර මැතිවරණ ක්‍රමයකි.

ව්‍යවස්ථාව සංශෝධනය සිදුවෙද්දී  විධායක ජනාධිපති ධුරය අහෝසි කලද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ තවදුරටත් අමාත්‍යංශ කිහිපයක් පවත්වාගෙන යාමට අගමැතිවරයා එකඟ වී තිබේ.

 ආරක්ෂක, මහවැලි හා පරිසර අමාත්‍යංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතිනු ඇත.

අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා  බවට අගමැතිවරයා පත් කෙරෙන  ජනාධිපති තනතුර අහෝසි වේ.

අදාළ ව්‍යවස්ථා කෙටුම්පත වහාම පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට කටයුතු සිදුවෙමින් පවතී.

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.