සපු-නොසිඳෙන ගේය ගඟුල

 

sapu

 

 

සිංදු ලියන ඕනෑම කෙනෙක් මුලින්ම ලියන්නේ කවි. මේ ගැන ඔබේ අත්දැකීමෙන් පටන් ගනිමුද?

මම උපන්නේ මාතර අත්තුඩාවේ දෙහිගහවත්ත කියන ගමේ. හැබැයි මට කුඩා කාලෙදිම තාත්තාගේ ගමට, ඒ කියන්නේ බේරුවල වළතරට එන්න සිද්ධ වුණා. වළතර මහා විද්‍යාලයේ තමයි මම මූලික අධ්‍යාපනය ලැබුවේ. ඉස්කෝලෙදි සාහිත්‍යයි භාෂාවයි මට තදින් කා වැදුනා. වැඩිම ලකුණු ගත්තෙත් මම. පාසල් සඟරා කළා. කවිය තමයි ඉතින් මගේ මූලිකම නිර්මාණ කාර්යය වෙන්නේ. ඊට පස්සේ උසස් පෙළට කළුතර තිස්ස විද්‍යාලයට ආවා. ඒ කාලෙම වනිතා විත්ති පත්තරයට කවි ලිව්වා. නිතරම මගේ කවි පළ වුණා. දවස කන්තෝරුවෙන් ගහපු ගීතාංජලී පත්තරේටත් කවි ලිව්වා.

ගීත ලිවීම ගැන උනන්දුවක් ඇතිවන්නෙත් ඒ කාලෙද?

මම බේරුවල ඉඳලා කළුතරට කෝච්චියේ එන අතර දකින සිද්ධියක් තමයි මලින් මලට ඉගිලූනාට සමනළයින් නොවේ ගීතයට පසුබිම් වෙන්නේ. ඔය හැටේ අග. පයාගල හරියේ වංගුවකදි හැමදාම තව කෝච්චියකට පාර ඉඩදෙන්න අපේ කෝච්චිය නතර කරනවා. කෝච්චි පාර. ඒකට හේත්තු වෙලා වගේ බස් පාර. ඒත් එක්කම පොල් රුප්පාව. ඊළඟට මුහුද. දුම්රිය නවතාගෙන ඉන්නකොට මම දකින දර්ශනය ඒක. පොල් රුප්පාව මැද පුංචිගේක ඉන්න දරුවෙක් වැඩට යන්න එළියට බහින තාත්තට වඳින දර්ශනයක් මට නිතර පේනවා. තාත්තා මන්නා පෙට්ටියත් බැඳගෙන මදින්න යන්නයි සූදානම. තාත්තා ඉතින් නොසැලකිල්ලෙන් වගේ දරුවගේ ඔලූව අතගාලා බුලත් කෙළ පාරකුත් මිදුලට විදලා යනවා. ඔය සිද්ධිය මගේ හිත පතුලේ තිබුණා. ඊට පස්සේ මම කොළඹ ජේතවන පිරිවෙනට එනවා විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට ඉගෙනගන්න. ඒ වෙනකොටත් මම පත්තරවලට කවි, කෙටිකතා ලියනවා. අලූත් යාළුවොත් හුඟක් කිට්ටු වුණා. දන්නෙම නැතුව මට ජේ.වී.පී. කොක්කත් වැදුණා.

ඊට පස්සේ ඉගෙන ගැනීම අත ඇරලා ඒකේ එල්ලූනාද?

ඔව්. මම හුඟක් ප‍්‍රබෝධයෙන් දේශපාලන පන්තිවලට සහභාගී වුණා. ව්ජේවීරත් ලංකාවට ආවා. ෆුල් ටයිම් කාඩර් එකට මාත් වැටුණා. ඒ වෙනකොට මං නැවතිලා හිටියේ කිරිබත්ගොඩ. මම ඒ දර්ශනයට හරි කැමැත්තෙන් හිටියේ. ඒත් ගිනි තියන මිනී මරණ ඒවට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. අපේ‍්‍ර්ල් 05 සිද්ධියට මම සම්බන්ධ වුණේ නැහැ. පෙබරවාරි, මාර්තු වෙනකොට මම ඇතුලූ කීප දෙනෙකුව පක්ෂෙන් මඟහැරලා නිශ්ශබ්දව හිටියා. වෙන වෙන පළාත්වලට අපි පැන ගත්තා. ගිහින් අල වගා කළා.

ජේවීපී එකෙන් හොයාගෙන ආවේ නැද්ද?

අපිව හොයාගන්න බැරිවුණා. මගේ ලොකු තාත්තගේ පුතා තමයි කරුණාරත්න සපුතන්න‍්‍රී. එයා ඒ වෙනකොටත් තරමක් ජනප‍්‍රිය නවකතාකාරයෙක්. එයා ඒ වනවිට රත්න දේශප‍්‍රිය සේනානායක ඇමති තුමාගේ පුද්ගලික ලේකම්. මම අයියට සිද්ධිය කිව්වා අයියා හිටියේ තොරණ හන්දියෙ. අයියා කිව්වා ගේ ඇතුලට වෙලා ඉන්න, ලියන්න පොත්පත් බලන්න හැබැයි ගෙයින් පිට අඩියක් තියන්න එපා කියලා. එහෙම තමා මම බේරුණේ. අයියා මට ජන හා සංඛ්‍යාලේඛන එකේ රැුකිකයාවකුත් අරන් දුන්නා. ශේප් ඒකේ වැඩටික කරගෙන හිටියා.

තවම සිංදුව ලියවුණේ නැද්ද?

ඔය දවස්වලදි මට ගුවන් විදුලියට යන්න අවස්ථාවක් ලැබුණා. මම ගියදාපටන් එතැනට හරිම කැමතියි. ඊට පස්සේ සුදර්ශියේ නාට්‍ය පුරුදුවෙන හැටිත් බලලයි ගෙදර එන්නේ. ඔය 73දි විතර. ඒ වෙනකොට මාව කවුරුවත්ම අඳුරන්නේ නැහැ. ඒත් මම කලා ක්ෂේත‍්‍රයේ අයට හරි ළැදියි. දවසක් රෝහණ වීරසිංහ සුදර්ශියේ ඉන්නවා දැකලා මම කතාකළා. අපේ අයියව නම් රෝහණ දන්නවා කියලත් කිව්වා. ඊට පස්සේ එතනදි රෝහණ මාව දකින හැම වෙලාවකදිම ඔහු මාත් එක්ක කතා කරනවා. එයා මාව ගුවන්විදුලියට එක්කගෙන ගිහින් සරල ගී රෙකෝඩින්වලට කලින් එක එක්කෙනාට පූර්ව සටහන් මං ලව්වා ලියෙව්වා. ඒ වැඬේ නැගලා ගියා. නැරේෂන්ස් ලියන්න කවුරුත් වගේ මාව හොයාගෙන ආවා. දවසක් සුදර්ශියෙදි රෝහණ මට එඞ්වඞ් හඳුන්වලා දුන්නා. එයා තමයි මට මුලින්ම සිංදුවක් ලියන්න කියලා කිව්වේ. දවසකට පස්සේ මම එඞ්වඞ්ට දොඹ මලෙන් මලෙක රේණු තලන තුරුණු බමර ?හේ සිංදුව ලියලා දුන්නා. ඔය විදියට එඞ්වඞ්ට සිංදු විස්සක් විතර ලිව්වට පස්සේ තමයි මට සුනිල් එදිරිසිංහ මුණ ගැහෙන්නේ. සුනිල්ට සිංදුවක් ලියන්න මට ඒ වෙනකොටත් පුදුම ආසාවක් තිබුණේ. හැබැයි ඉතින් සුනිල් මුලින්ම මට භාර දුන්නේ මෙලඩි දෙකකට සිංදු දෙකක් ලියන්නයි. මට පුරුදුත් නැහැ. ඒත් මම භාරගත්තා. සුනිල් තනුව මට ගායනා කරලා පෙන්නුවා ගෙදර ඇවිත්. චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා ලියවුණේ ඒ අනුවයි. ඒක ලියලා දුන්නාම අනෙක් මෙලඩි එකත් සුනිල් ගායනා කරලා පෙන්නුවා. පාට දේදුණු සේදිලා ලියවුණේ ඒ තනුවටයි. අතීත අත්දැකීම් අනුව මලින් මලට ඉගිලූනාට සමනලයින් නොවේ ලියවුණෙත් සුනිල් වෙනුවෙන්.

ඒ දවස්වල සිංදුවලින් යම් මුදලක් අතට ලැබුණාද?

ඉඳහිට රුපියල් සීයක් විතර හම්බවෙනවා. ගායකයාටත් සරල ගී වැඩසටහනකට ලැබෙ න්නේ පන්සීයනේ. මම ඒ වෙනකොට නැවතිලා හිටියේ කොළඹ මහ රෝහලේ මං අඳුරන ඩොක්ටර් කෙනෙකුගෙ ගෙදරක. මම ජන ලේඛන එකේ වැඩ නිසා ලොකු මුදල් ප‍්‍රශ්නයක් තිබුණෙත් නැහැ. කොහොම හරි මම ගායක ගායිකාවෝ 46 දෙනකුට මේ වෙනකොට සිංදු දහසක් විතර ලියා තිබෙනවා.

ජීවිතේ වෙනස් වුණේ කොතනින්ද?

88 දි විතර මම වික්ටර්ගේ ස ප‍්‍රසංගයේ සමරු කලාපය කළා. ඒකට මට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ මම පොඩි පොඩි මුද්‍රණ වැඩ අරගෙන කරන්න පටන් ගත්තා. පිරිමහගෙන වැඩ කරනකොට ලාභයකුත් ලැබුවා. මට ආශා හිතිලා මුද්‍රණ පාඨමාලාවකුත් කෙරුවා. ඊට පස්සේ මම රස්සාවෙන් අස්වෙලා අවුරුදු විස්සක් විතර මුද්‍රණකරුවකු ලෙස වැඩ කළා. සල්ලිත් හොඳට හම්බකළා. ගමේ පරණ ගේ කඩලා අංග සම්පූර්ණ ගේකුත් හැදුවා. ඒ වෙනකොට මම බැඳලා. නෝනා මාතලේ. ලක්ෂ්මන් විජේසේකරලගේ ගෙදර යන එනකොට ඒ ළඟ ගෙදරක තමයි එයා බෝඞ්වෙලා හිටියේ. ඒ දවස්වල ගුවන්විදුලියෙන් ස්ථීර රස්සාවක් මට ලැබුණා. සඟරා සංස්කාරක හැටියට. පස්සෙ කාලෙක හඬ පළමු සඟරාව කළෙත් මම. ඒ නම නම් දැම්මේ හඞ්සන්. අසූ ගණන්වල රේඩියෝ සඟරාව කළෙත් අපි කීපදෙනෙක්. සමන් අතාවුදහෙට්ටි, කපිල කුමාර කාලිංග වගේ හතර පස් දෙනෙක් ඒ වැඬේට සම්බන්ධ වුණා. අපි ඉතින් හැමදාම හවසට බෝතලයක් ගහනවාම තමයි. අපිට බොන්නත් බැහැ ඉතින් හතර පස් දෙනාම ගහන්නේ එක බෝතලයයි. ඒක ගහලත් වෙරි. එහෙම බීපු කට්ටිය අන්තිමට එකෙක් බෝතලයක් ගහන ගානට දියුණු වුණා.
පසුගිය ආණ්ඩුව කාලේ මම ගුවන්විදුලියේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ වුණා. අලූත් ආණ්ඩුව පත්වෙච්ච ගමන් ඉවත් වෙන්න සිදුවුණා. දැන් නම් රස්සාවක් නැහැ කැසට් සංරක්ෂණාගාරය හැදුවෙත් මම. දැන් ඔය තියෙන්නේ ගී ප‍්‍රසන්ටේෂන් කියාලා.

ප‍්‍රින්ටින් සාර්ථක වෙච්ච එකේ ප්‍රෙස් එකක්් පටන්ගන්න තිබුණනෙ.

හුඟක් අය ඕක කිව්වා. ඒත් මම මුදලාලි කෙනෙක් වෙන්න කැමති වුණේ නැහැ. ප‍්‍රින්ටින් කොච්චර දියුණු කළත් ඒ වෙනුවෙන් මෝටර් බයිසිකලයකුයි, බිල් පොතකුයි විතරයි මම පාවිච්චි කළේ. කොහොමටත් එකම රස්සාවක් එක දිගටම කරන ගතියකුත් මට නැහැ. කිහිප වතාවක් කරන දේවල් වෙනස් වෙන්නත් ඒක හේතුවක්. කාලයක් නොකර සිටි නිසා මට දැන් ප‍්‍රින්ටින් ආයෙ පටන් ගන්නත් බැහැ.

ඔබේ ජීවිතයට පරමාදර්ශයක් තිබෙනවාද?

මගේ පරමාදර්ශය වුණේ අයියා. කරුණාරත්න සපුතන්ත‍්‍රී. ඔහු සිළුමිණේ සම කර්තෘ වුණා. ඇත්තටම පත්තරේ ලිපියට ඉඩ තියලයි එයා යාපනේට ෆ්ලයිට් එකේ ගියේ කලින් දවසේ ගිය ගුවන් යානයකට එල්ල වූ ප‍්‍රහාරය ගැන ලියන්න. අයියලා ගිය එකටත් ඒ ප‍්‍රහාරයම එල්ල වුණා. අන්තිමට ඔහු ඉතුරු කරලා ගිය පත්තර පිටුවේ ලිව්වේ ඔහුගේ මරණය ගැනයි. ඇත්තටම මම පොඩි කාලේ ඉඳලා ලියන්න ගත්තේ ඔහු දිහා බලාගෙන. ඔහුගේ ගතිගුණ සහ පැවැත්මත් හරිම ඉහළයි. අයියා කොළඹ ඉන්න කාලේ මම හිටියේ ගමේ. එයා මෙහේ ඉඳන් අරමුණ කියලා පත්තරයක් ගැහුවා. මටත් කොපි දහයක් එවනවා විකුණලා දෙන්න. මම කියවලා නැවත යවනවා. මමත් ඒකට තීරුවක් ලිව්වා. ලෝකයේ පුදුම දේවල් ගැන. මගේ ලේඛන කලාවේ ඇරඹුම ඒක.

අතීත මිතුරු ඇසුර ගැන දැන් තිබෙන මතකය කොහොමද?

අපි ඉස්සර නිතරම ටි‍්‍රප් යනවා. ලංකාවේ නොගිය තැනක් නැහැ. ශේප් වෙන්න ඉඳහිට පවුල්වල අයත් එක්කගෙන යනවා. එතකොට යන්නේ ලොකු බස් එකක. අපි කට්ටිය විතරක් යනකොට වෑන් එකක යනවා. ඒ ගමන්වලින් ඉතින් උපරිම වින්දනයක් ලැබෙනවා. අපේ මිතුරු ඇසුරට අමරදේව මහත්තයා නමක් දැම්මා සත්ජන මිත‍්‍ර සමාගම කියලා. ඒකට මම තේමා ගීතයකුත් ලියලා තියනවා.

 

සපු ගැන රෑ  ඉර පානට  මෙතැනින් 

 

සපුගේ  ප්‍රේම  ගීත  පරයා  නැගෙන  කිසිවෙකු  හඳුනා  නොගත්  දෘඪ  දේශපාලන  මතාන්තරය
“සිවලුන්  කෙළිති  පඬුවන්  උර  මඬල  වැද
 නුවරුන්  සැතපිලා  නෑසුණු  කනින් අද “
දැන්වත්  සපු  හරි හැටි  හඳුනා ගනිමු
ගමන්  මගක්  නොතිබුණු  ප්‍රේම  චාරිකාවෙක
හදේ  කොතැනක  හෝ  හිදී  ඔබ
කොහේ  යන්නෙද  කොහේ  ඉන්නෙද  ඇසුවා  ඔබ
මලක්  වෙලා  ඔබ  පිපෙන්න  කීවේ  අප …
සියල්ල  එසේ  වුවද  සත්‍යයේ  මළගමේ  ගහලයෝද , වැලපෙන්නෝද  වන්නෙමුය  අප …!
රන්  මලක්  2015  මැයි  08 වැනිදා මහරගම  යොවුන්  රඟහලේ  නින්නාද  වන  සපු  ගී යාමය “රන් මලක් ” වෙනුවෙන්  කැපවූ  රෑ  ඉර පාන

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.