සභාපති සේවකයින්ට වැඳ සමාව ගනී

rupawahiniසාමාන්‍යයෙන් ආයතන ප්‍රධානියා ගෙන් සමාව ගන්නේ සේවකයින්ය. එහෙත් දැන් එහි අනිත් පැත්ත සිදුවී තිබේ. රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරු තිදෙනෙකුට බැන තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාලව එම සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු තිදෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ ඔවුනට සිංහල ක්‍රමයට ආචාර කර සමාව ගනු ලැබීය.

2010 වසරේ දී රූපවාහිනි සංස්ථාව ඇතුලත දී වැඩ සටහන් නිෂ්පාදකවරු තිදෙනෙකු වු රවී අබේවික්‍රම,හර්බට් කුමාර අලගියවන්න, කාංචන මාරසිංහ යන තිදෙනාට බැන තර්ජනය කළැයි කුරුදුවත්ත පොලිසිය විසින් මෙම නඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම අනුව මෙලෙස ඔවුන්ගෙන් සමාව ගනු ලැබුවේ මහාචාර්ය ආරිරත්න ඇතුගල,එවකට රූපවාහිනි සංස්ථාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ,එවකට සහකාර ප්‍රවාහන නිලධාරී ටී.ජි. සෝමපාල යනවේ.

මහාචාර්ය ඇතුගල රාජපක්ෂ සමයේ සිදුකල මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ද පැමිණිලි විභාග වෙමින්වි පවතී.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.