සමාජවාදයට විජයග‍්‍රහණය!-ජ වි පෙ

11209653_942164015827807_1431791713457015809_n (1)
ජනතා විමුක්ති පෙරමුණ සුපුරුදු පරිදි මෙවරත් කොළඹ බී.ආර්.සී. පිටියේ තම මැයි රැළිය පැවැත්වූ අතර  පෙළපාලිය දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගනයෙන් ආරම්භ විය. ය.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩයෙන් 
ලංකාවේ වත්මන් සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අර්බුදය විසින් ඉල්ලා සිටින්නේ, සමාජ පරිවර්තනයකි. බංකොලොත් ධනවාදය වෙනුවට නවීන සමාජවාදී සමාජයක් වෙත කෙරෙන සමාජ පරිවර්තනයකි. එවැන්නක් සඳහා මේ මොහොතේ ජනතාවට නායකත්වය දිය හැක්කේත් ජනතාවට මග පෙන්විය හැක්කේත් බංකොලොත් ධනේශ්වර පක්ෂ වන එ.ජා.ප.යට හෝ ශ‍්‍රීල.නි.ප.යට වත් කුඩා කල්ලිවලටවත් නොව ජනතා විමුක්ති පෙරමුණයටය.
එබැවින් සමාජයේ පුළුල් පරිවර්තනයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් දැවැන්ත ජනතා බලයක්, ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුය. දැනටමත් ගොඩ නැගෙන එම ජනතා ව්‍යාපාරය වඩ වඩාත් ශක්තිමත් කළ යුතුය.
කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩිත ජන කණ්ඩායම්වල අයිතීන් රැකගත හැක්කේත්, දිනාගත හැක්කේත්, ඔවුන්ගේ විමුක්තිය උදාකර ගත හැක්කේත් ගොඩනඟන එම ජනතා බලය ශක්තිමත් කිරීම හා එය ජයග‍්‍රහණය කරවීම තුළය. එබැවින් සැබෑ ආර්ථික සංවර්ධනය, සමානාත්මතාවය, සමාජ සාධාරණත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සැබෑ ජාතික සමගිය සහතික වෙන නවීන සමාජවාදී සමාජයක් වෙනුවෙන් සටන් වදින ලෙසත් ඒ ස`දහා ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වැල් බැඳගන්නා ලෙසත් අපි මෙරට වැඩකරන ජනයාගෙන්, ගොවි ජනයාගෙන්, ධීවර ජනයාගෙන්, කාන්තාවන්ගෙන්, තරුණයින්ගෙන්, ශිෂ්‍යයින්ගෙන්, වෘත්තීයවේදීන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, පරිසර ක‍්‍රියාකාරීන්ගෙන්, මාධ්‍යවේදීන්ගෙන්, සාහිත්‍ය කලා ශූරීන්ගෙන්, මානව හිතවාදීන්ගෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගෙන් හා සියලු ප‍්‍රගතිශීලීන්ගෙන් මෙම මැයි දිනයේදී ඉල්ලා සිටිමු.
අධිරාජ්‍යවාදයට විනාශය – ජනතාවට විමුක්තිය!
ධනවාදයට විනාශය  –  සමාජවාදයට විජයග‍්‍රහණය!

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.