සමුහ මිනී වළේ නිම නොවන වේදනාව

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්වචනයට අනුව සමූහ මිනී වළක් යනු ඝාතනයට ලක් වූ තිදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් වළ දැමුණු තැනකි.

null
මන්නාරම සමුහ මිනී වළ- සංරක්ෂිත ඡායාරූප

මෙවැනි සමූහ මිනී වළවල් පිළිබඳව උතුරෙන් මෙන්ම දකුණෙන්ද වාර්තා වී ඇත.

දකුණෙන් සුරියකන්ද,වනවාසල, සහ මාතලෙන් මෙන්ම උතුරෙන් චෙම්මනි,මිරිසවිල්,යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගනය, මන්නාරමේ කෙතීස්වරම් පළාතෙන් මිනිස් ඇටසැකිලි සිය ගණනක් සහිත සමූහ මිනීවළවල් පිළිබඳව වර්තා වී තිබේ.

සමූහ මිනීවළ ආසන්න පළාතේ අතුරුදහන් වුවන්ගේ නෑසියන් කැණීම් බිම කරා යන්නේ තමන්ගේ අතුරුදහන් වූ නෑදෑ හිතවතුන් පිළිබඳව තොරතුරක් දැන ගන්නයි.

null
ත්‍රිකුණාමලයේ සමුහ මිනී වළ– සංරක්ෂිත ඡායාරූප

කැණීම් ආරම්භවීම පිළිබඳව පුවත් මාධ්‍යයට උණුසුම් පුවතක් වන නමුත් නිසියාකාරව හමාර වූ විමර්ශන ගැන දැන ගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි.

ගැටළු සමුහයක්

null
මාතලේ සමුහ මිනී වළ අසළට රැස්වූවන්- සංරක්ෂිත ඡායාරූප

පර්යේෂන පිළිබඳව විද්‍යාත්මක ගැටළු , පරිපාලන ගැටළු මෙන්ම දේශපාලන යථාර්ථයන්ද සමූහ මිනීවළවල් පිළිබඳව විමර්ශන නිසියාකාරව හමාර නොවීමට බලපාන බවයි බීබීසී සංදේශයට කරුණු දැක්වූ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් කියා සිටින්නේ.

කලවංචිකුඩි පළාතේ කොටි සංවිධාන සාමාජිකයින් විසින් මුස්ලිම්වරුන් එකසිය හැටදෙනෙක් පමණ මරා වල දමා ඇති බව සැක කෙරෙන සමූහ මිනී වළේ කැණීම් කිරීම සඳහා මහේස්ත්‍රාත් වරයාගෙන් නියෝගයක් ලැබී ඇති නමුත් අවශ්‍ය ප්‍රතිපාදන හොයා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇති බවයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

‘මේක මට තනියෙම කරන්න බැහැ.අධිකරණ වෛද්‍යවරු කණ්ඩායමක් සමග එහි යා යුතුයි. පස් පිළිබඳව විශේෂඥන් සහ පුරාවිද්‍යාඥයන්ගේ සහය ලබා ගත යුතුයි.මේකට සැහෙන කලයක් ගතවෙනවා’ වෛද්‍ය අජිත් තෙන්නකෝන් කියා සිටියේය.

දේශපාලන යථාර්තය

null
මන්නාරම නිම නොවූ විමර්ශන – සංරක්ෂිත ඡායාරූප

මාතලේ සමූහ මිනී වළෙන් මතු වූ ඇටසැකිලි එකසිය පනහක් අතුරින් තෝරාගත් කොටස් කාල නීර්ණය කර ගැනීම සඳහා ඇමරිකානු පර්යේෂකයින් වෙත යැවුණු අතර ඔවුන් කියා සිටින්නේ මෙම සිරුරු කොටස් 1950 ගණන් වලට අයිති බවයි.

මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන කියා සිටින්නේ මෙම ඇට සැකිළි 1980 ගනන් වලට අයිති බව තමා සිතන බවයි.

එම තත්ත්වය හමුවේ මාතලේ සමූහ මිනී වල පිළිබඳව තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ නිම නොවූ නඩු කටයුත්තක් බවට පත් වී තිබේ.

මන්නාරමේ තිරුකෙස්වරම් සමුහ මිනීවළෙන් මතු වූ අස්ථි කොටස් අනුරාධපුර රෝහලේ තැන්පත් කොට තිබෙන්නේ විමර්ශන කටයුතු මෙහෙය වූ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ස්ථාන මාරුවක් ලබාදීම හේතුවෙනි.

තමන් මේ තත්වය පිළිබඳව පුරා වසරක් තිස්සේ බලධාරීන් දැනුවත් කළත් තවමත් ගැටළුව විසඳා ගත නොහැකි වූ බව මන්නාරම සමුහ මිනීවළේ විමර්ශන මෙහෙය වූ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට එල්. ඩී වෛද්‍යරත්න කියා සිටියේය.

null
මන්නාරම සමුහ මිනී වළ-(සංරක්ෂිත ඡායාරූප)

‘සෑම සමූහ මිනී වළක් පසුපසින් දේශපාලනයක් පවතින අතර සමුහ මිනී වළවල් පිළිබඳව විමර්ශන දිගටම කෙරෙනවාද නැද්ද යන්න පවතින දේශපාලන යථාර්තයන් විසින් තීරණය කෙරන බවයි’ මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන කියා සිටින්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.