සයනයේදී දඟකාර විය යුත්තේ ඇයි?

ලිංගික චර්යාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ උපදේශිකාවක් වන ට්‍රේසි කොක්සන් කියා සිටින්නේ ස්වාභාවිකවම පිරිමියාත් ගැහැනියත් විවාහය තුල එකම සහකරුවෙක් හෝ සහකාරියක් සමග ජීවිත කාලයක්

විසීම සඳහා  නිර්මාණය වී නැති බවයි. ස්වභාව ධර්මයා ලිංගික කාර්ය නිර්මාණය කොට ඇත්තේ දරුවන් වැදීම සඳහාය.දරුවන් වැදීමේ කාලය හමාර වූ පසු ලිංගික උත්තේජනය ඇති කරවන හෝමෝන් ක්‍රමයෙන් පසුබසින අතර ජීවිතය රැක ගැනීම සඳහා වූ ඇල්ම වැඩි කරන හෝමෝන  වඩාත් ප්‍රබල වෙයි. මේ තත්වය හමුවේ මැදිවියට පත් වෙත්ම ලිංගික උත්තේජනය ඇති කරවන හෝමෝන් යළිත් සක්‍රීය කර ගැනීම  සඳහා මොළය රැවැට්ටීමට සිදුවන් බව ඇය පෙන්වා දෙයි.  ආදරය සහ ලිංගිකත්වය සඳහා බලපාන්නේ හෝමෝන දෙවර්ගයකි. ලිංගිකත්වය සඳහා බලපාන ටෙස්ට්‍රොස්ටෝන්  දඟකාර ලිංගික හැසිරීම් මගින් මොලය තිගැස්මකට ලක් කරයි. මේ අළුත් ලිංගික සම්බන්ධයක් යැයි හිතන මොලය ඒ අනුව  ක්‍රියාත්මක වී  සමාජීය සම්බන්ධයක් වූ විවාහය රැක දීමට උදව්වන බවයි ට්‍රේසි පෙන්වා දෙන්නේ.

 

 

 

සයනයේ දඟකාර වීම සඳහා පළමු කොටම කළ යුත්තේ ලිංගික හැසිරීම වරදකාරී දෙයක් යන හැගීමෙන්  මිදීමයි. ලිංගික ඉරියව් සහ  දඟකාර වීම අතරේ  ඇත්තේ දැඩි සම්බන්ධයකි. එහෙත් කාමය දනවන වීඩියෝ සඟරා ආදියේ දක්න්නට ලැබෙන රඟපෑම් වලට රැවටිය යුතු නැත.ඒවා මුදලට කරන රඟපෑම් වන බවත් සැබෑ ජීවිතයේදී ගැහැනුන් හා මිනිසුන් එසේ හැසිරෙන්නේ නැති බව මතක තබා ගත යුතුය. මටත් මගේ අත්දැකීම් ගැන කිව හැකි නමුත් මගේ අත් දැකීම් මොහතකට  නතර කොට ජීවිතයේ තුන්වෙනි දශකය පසු කරන විවාහක යෙහෙළියන් තිදෙනෙකුට කථා කළෙමි.මේ කතා බහවෙබ් සටහනකට එක කරන බව කිවහොත් කථාව දියාරු වීමට ඉඩ තිබේ එහෙත් අනෙක් අතට නොනමින් ලියන හෙයින් වරදක් කරන බව හගෙන්නේ නැත.

 

 

ස්වර්ණමාලි ඉස්සර වගේම  කටකාරය.ආ ලොකු නෝනට අපිව මතක් වෙලා තියෙන්නේ යයි ය කීවාය.හෙමිහිට කාරණාවට බැස්සෙමි.

උඹට පිස්සුද? මේ ගෙදර තියෙන වැඩ වල හැටියට ඔය සතියකට සැරයක් විතර එකතුවෙනවා හැරෙන්න වෙන් මුකුත් නැහැ යැයි ය කීවාය.

තව ටිකක් හාරා ඇවිස්සුවෙමි. ප්‍රසන්න(ඇගේ සැමියා) සමහරක් දවස්වල ඔෆිස් එකේ වැඩ වලට දකුණේ යනවා එතකොට  එය ඇදුරන් යාලුවෙකුගේ හොලිඩේ බන්ග්ලෝ එකක නතර වෙනවා.

එදාට නම් ටිකක් වෙනස් ඒ වෙනස කුමක්දැයි විපරම් කරන් විට ඇය මඳක් කල්පනා කරන්නීය.

ඇත්තම කියනවා නම් වෙනදා විදියම තායි ඒත් කලබලයක් නැහැ.පහුවදාට නැගිටලා ස්කුල් වාන් එකට පුතාව අන්දවලා යවන් එක ගැන හිතන්න දෙයක් නැහැනේ.අපි හුගක් වෙලා තුරුල් වෙලා කිස් කරනවා. වැඩේ ස්ලෝ මෝෂන් එකෙන් තමයි යන්නේ.ඇය මහ හඬින් හිනාවෙන්නේ හීන් ලැජ්ජාවකුත් මුසු කර ගෙනයි. ඇය ඇත දැකීමට පසු වදනකුත්  එක කරන්නීය.

හැබැයි එහෙම ඉඳලා ආපුවම පුදුම වෙනසක් දැනෙනවා. ඒක හරි සැහැල්ළුවක් ‘ඒ ස්වර්ණමාලි ගේ දඟ වැඩවල හැටිය.

 

සුරම්‍යා නම් ඉස්සරත්  දඟ මල්ලකි.ඒ කාලේ බෝයිෆ්‍රෙන්ඩ් වටා සරත් හමු වී නේවාසිකාගාරයට ආපසු රස කථා සාගරයකි. මෙදා කථාවට බැස්ස කළ ඇය දාර්ශනික මගකට පිවිසියාය.

‘මම නම් ඕක ගැන හරියට හිතනවා.ඇත්තම කියනවා නම් මට සරත්ව සතුටු කරන්න බැරි වුනොත් එය වෙන කාවහරි ගාවට යයි කියල හිතෙනවා. ඇත්තටම වෙලාවකට එක කරදරයක්. මොකද මම

එක එක දේවල් කරන්නේ සතුටට නෙවයි බයට. අනෙක් අතට අපි ඇත්තට මුහුණ දෙන්න ඕනේ.කොයි මිනිහද කති නැත්තේ චාන්ස් එකක් හම්බවෙනවා නම් තමන්ගේ ගෑනිට වඩා ලස්සන ගෑනියෙක් එක්ක සතුටු වෙන්න”

ඇය මොහොතක් නතර වෙන තැන සංවාදයට ප්‍රශ්නයක් ඔබමි.

‘ඇයි සරත් මොකක හරි පැටලිලාද?’

සුරම්‍යා  මහා හඩින් හිනා වෙන්නීය.

‘නෑ නෑ ඒවා කොහෙද මත එක්ක හැබැයි මම කාරණය ගැන සැලකිල්ලෙන් ඉන්නේ’

ඇගේ දඟ වැඩ ලැයිස්තුව දීර්ගය .නුවර-කොළඹ පාරේ වරකාපොල හරියේ කර එක තුල ලිංගිකව එක්වීම. කොළඹ රීගල් එකේ බොක්ස් එකකට ඉඳ හිට රිංගීම,ගෙදර කව්රුවත් නැති විට යට ඇඳුම් සුත ඉඳ දිනකට කීප වරක් එක්වීම, සරත් හා එක්ව ලිංගික  වෙබ් අඩවි නැරඹීම මේ ලැයිස්තුවට අයත්ය.

තුෂාරි අනේ මන් දන්නේ නැහැ යැයි ලිස්සා යන්නට තැත් කළාය.ඇයට වඩා කතා කළේ මමයි.එහෙත් ටිකක් වෙලා ගිය තැන ඇය කියූ යමක් මගේ හිත රැඳුනි.

‘ගෑනු වෙච්ච අපිට ඕව ගැන හිතන්න ඉඩක්   නැහැ. අපි ඇඳේ කරන දේ තීරණය කරන්නේ පිරිමි. ඒ විදියට තමයි අපේ හිත හැදිලා තියෙන්නේ.’

තවත් අනංමනං ටිකක් කථා කොට රිසීවරය තැබුවෙමි.

 

 

 

සුභාෂිණි උත්පලවන්නා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.