සයිටම් ෂෝ

saitmඒකාබද්ධ විපක්ෂය කල් තැබිමේ යෝජනා ඉල්ලා සිටින්නේත්, විශ්ව විද්‍යාල සිසුන් අමාත්‍යාංශයට කඩා වැදුනේත්, වෛද්‍යවරු වර්ජනය කරන්නේත් සයිටම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවට බලපෑම් කිරිමට බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.
මේ කිසිදු බලපෑමකට ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ නොවන බව ද කිරිඇල්ල මහතා කීවේය.

මාධ්‍යෙවිදින් – සිසුන්ට පහරදිම ගැන ඔබේ අදහස මොකක්ද
සභානායක – ඒ ගැන විවාදයකදි අපි කියන්නම්.
මාධ්‍යවේදින් – ස්ථාවර නියෝග එකේ සිට අවසානය දක්වා කියන්න කියලා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා ඔබට අභියෝග කලා.
සභානායක – ස්ථාවර නියෝග කියන්න ඕනේ නැහැ නම කතා කරන කොට හිටියේ නැතිනම් මොකද වෙන්නේ කියලා ඕනෑම මන්ත්‍රීවරයෙක් දන්නවා. ඊළගට ඉන්න මන්ත්‍රීවරයාට ඒ අවස්ථාව දෙනවා. මමත් ආසාවෙන් හිටියේ උසස් අධ්‍යාපන ඇමති ලෙස මේ විවාදයේදි මගේ අදහස කියන්න. මේ කට්ටිය මේ ෂෝ දාන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සයිටම් ඇපෑලට බලපෑම් කරන්නයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.