සරණාගත නිවහන ස්ව්ට්සර්ලන්තය

Zuricj-Alejandro-Forero-Cuervo

 

 

මේ වසරේ මුල් මාස හයේදී ස්විට්සර්ලන්තයේ සරණාගතභාවය ඉල්ලා ශ්‍රී ලංකාව, ඇතුළු රටවල් හතරකින් සරණාගතයින් අයැදුම්පත් 12000 කට ආසන්න ප‍්‍රමාණයක් එරට රජයට යොමු කොට ඇතැයි වාර්තා වේ. ශ්‍රි ලාංකිකයන් 840  ක්ද ගත වු මාස හය තුළ එරට සරණාගතභාවය ඉල්ලා එරට රජයට අයදුම්පත් යොමු කර ඇත.

ඒ අනුව ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ මෙම සරණාගත අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව ස්විට්සර්ලන්ත විගමන ලේකම් කාර්යාලය නිල වෙබ් අඩවියේ සඳහන්වේ.

සරණාගතභාවය ඉල්ලූ අය අතර එරිත‍්‍රියා, සෝමාලි හා සිරියා ජාතිකයෝ වෙති.

අදාළ රටවල් වලින් ඉදිරිපත් වී තිබෙන මෙම සරණගත අයැදුම්පත් ප‍්‍රමාණය මේ වසර අවසානය වන විට 29000ද ඉක්මවා යනු ඇති බව එරට විගමන ලේකම් කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂ පියුස් බෙට්ස්චාට් සඳහන් කර බැව් එම කාර්යාලය නිල වෙබ් අඩවියේ සඳහන්වී ඇත.ඉකුත් වසරේ දී ස්විට්සර්ලන්ත රජයට ඉදිරිපත්ව තිබූ සරණාගතභාවය ඉල්ලූ අයැදුම්පත් සංඛ්‍යාව 24000කි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.