සරණ ගුණවර්ධන විදෙස් ගමන් බලපත්‍රය තහනම්

 

 

Eu-flag-vector-material2

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් තහනම් කර තිබේ.

2006 වසරේ  ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් සිටියදී හිටපු නියෝජ්‍ය ඇමතිවරයා සිදුකරනු ලැබූ වංචා දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණ පවත්වන අතර අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ මීරිගම ආසන සංවිධායක කපිල නිශාන්ත කුමාර පිලපිටිය රිමාන්ඩ්

නිවසක් ලබා දෙන බව පවසා පොලිස් සැරයන්වරයකුගෙන් රුපියල් හත් ලක්ෂ අසූහත්දහස් පන්සීයක් (රු. 787,500) වංචාකිරීමේ චෝදනාවකට අත්අඩංගුවටගත් ජාතික නිදහස් පෙරමුණේ මීරිගම ආසන සංවිධායක කපිල නිශාන්ත කුමාර පිලපිටිය මහතා ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් එස්.අභයගුණවර්ධන මහතා නියෝග කර තිබේ.

ඔහු මෙම මුදල ලබාගෙන ඇත්තේ රන්පොකුණුගම නිවාස සංකීර්ණයෙන් නිවස ලබාදීමටය.

සුදර්මන් රදලියගොඩට  විදේශ ගමන් තහනම්

ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩට මහතාගේ විදේශ ගමන් තාවකාලිකව තහනම් කරමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (02) නියෝගයක් නිකුත් කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයා ලෙස තරඟ කළ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දරුවෙකුගේ මවක් රදවාගෙන සිටින බවට වාර්තා කළ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් වන නඩුව අද (02) විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

සුදර්මන් රදලියගොඩ අදාළ සිද්ධියට සම්බන්ධ වී ඇති බවට සාක්ෂි පවතින බව එහිදී පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.