සරලා එකතුවීම මෛත්‍රීට චාන්ස් එකක්

saralaaරටට ඉමහත් සේවයක් සිදුකළ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා විටෙක එක්සත් ජාතික පක්ෂය හ විරසක වූවත් ඔහු වචනයේ පරිසමාප්ත අරුතින්ම එක්සත් ජාතික පක්ෂයේ බල කණුවකි. එසේනම් සරලා දියණිය යා යුතුව තිබුනේ රනිල් වෙතය එහෙත් දිගු නිහැඬියාවකට පසුව ඇය කෙළින්ම ගියේ මෛත්‍රී වෙතය.

මීට බලපාන හේතුව කවරක් වුවත් එය මෛත්‍රී ලද ජයකි. තමන්ට රනිල් ළඟ ඇති පිළිගැනීමට වඩා මෛත්‍රී ළඟ සහනශීලී බවක් ඇති බව ඇය සිතනවා විය හැකිය. තම පියාගේ අකල් මරණයෙන් පසු සරලා විදේශගත වූ අතර ශ්‍රීමනි ඇතුලත්මුදලි ගේ මරණයෙන් පසු විදේශ ගත වූ සරලා තනි වුවාය.

ඇගේ මවට ඇමති පදවියක් ලැබුනත් ශ්‍රීමනි-චන්ද්‍රිකා ගනුදෙනු සාර්ථක එකක් නොවීය. සරලා-මෛත්‍රී හමුව සරල එකක් නොවේ. එය තවත් දිගු ගමනක මුල් පියවරකි.

සරලා ඇතුළත්මුදලි මහත්මිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීම සංවිධානය කළේ විශ්ව කර්ම වැඩට සමත් ඇමති ලේකම් කෙනකි.

ශ්‍රී ලංකාවේ හිටපු වෙළෙද, ජාතික ආරක්ෂක, කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා 1977- 88 ජේ. ආර්. ජයවර්ධන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විය. මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එතුමා අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු වඩාත් ජනතාව අතර ප්‍රකට වූයේ මහපොළ ශිෂ්‍යධාර ක්‍රමයෙහි නිර්මාතෘවරයා ලෙසිනි. රටත්, 1993 අප්‍රෙල් මාසයේදී එතුමා සහසික වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.