සරාගයේ නිරත බ්‍රිතාන්‍ය නියෝජ්‍ය කතානායකට ටිකට් කැපේ

ගණිකාවන් සමග මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි බවට චෝදනා ලත් බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ සවෙල් සාමි වරයා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

බ්‍රිතාන්‍ය ‘සන්’ පුවත්පත විසින් අද (26) පළ කරන ලද වීඩියෝ පටයක් මගින් සවෙල් සාමි වරයා වෙත මෙම චෝදනා ඉදිරිපත් කර තිබේ.

සවෙල් සාමි වරයාට මෙම වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.

වීඩියෝ පටයේ දැක්වෙන්නේ සවෙල් සාමි වරයා සිය ලන්ඩන් නිවසේ ගණිකාවකගේ පියයුරු මත ඇති මත් කුඩු පවුම් පහේ නෝට්ටුවක් ආධාරයෙන් ආග්‍රහණය කරන ආකාරයයි.

ඉදිරිපත් වී ඇති චෝදනා බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ කොමසාරිස් වරයා ඉදිරියට ගෙන යනු ඇති අතර සාමි මන්ත්‍රී මණ්ඩලයේ කතා නායිකාව පවසන්නේ පළ වී ඇති වීඩියෝව තමා මවිතයට පත් කළ බවයි.

සාමි වරයෙකුගේ මෙවැනි හැසිරීමක් කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පවසන සාමි මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකාව වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියේදීත් සිය ආයතනයේ ගෞරවය රැකෙන පරිදි එහි සාමාජිකයන් හැසිරෙනවාද යන්න සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි.

1996 වසරේ සිට බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් ක්‍රියා කළ සවෙල් සාමි වරයා ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ උප විදුහල් පතිවරයෙකු ලෙසද කටයුතු කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.