සෂී:ගමන් බලපතයි- හැදුනුම්පතයි දෙකම බොරුයි

 

Sahshi-weerමහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංස විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවට තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දී තිබේ.

අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි පියවර ගැනීම සඳහා එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරන බවය. කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මෙම නඩුව සැප්තැම්බර් 09 වන දා තෙක් කල් තබා ඇත.

නීති විරෝධී ආකාරයෙන් ව්‍යාජ උප්පැන්න සහතිකයන් සකස් කිරීම, ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කිරීම හා ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කිරීම ශෂී වීරවංසට එරෙහිව එල්ල වී ඇති චෝදනා වේ.

මේ අතර රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ ඉහත කී සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් හිටපු ඇමති විමල් විරවංශගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව පැමිණිල්ල ලබන සැප්තැම්බර් මස 11 වෙනි දින කැඳවීමට නියම කල අධිකරණය එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට සැක පිට අත් අඩංගුවට ගත් ශෂී විරවංශ අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබයි සිටින්නේ.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.