සහයෝග රැසයි අභියෝග ගොඩයි

sri2blanka_parliamentggg

මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ඉතිහසයේ සිටි බලගතුම ජනාධිපතිවරයා බට පත්ව සිටී.මේ පරිවර්තනය  සඳහා ගතවී ඇත්තේ සතියක පමණ කාලයකි. දැන්’අයියෝ

සිරිසේන’ කියන කෙනෙක් නැත.

මේ පරිවර්තනය විශ්ම ජනකය. දෙසතියකට පෙර නින්දාඅපහාසයේ කේන්ද්‍රය බවට පත්ව ගල් ප්‍රහාර වලට ලක් වූ සිටි මෛත්‍රී  දැන් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාය. සේනාධිනායකයාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාය. පාර්ලිමෙන්තු  බහුතරය ගැන දැන් ප්‍රශ්නයක් ඇත්තේම නැත.

සමාජීය වශයෙන් දෙමළ සහ  මුස්ලිම් ජනතාවගේ ආදරය දිනා  ගෙන සිටින අතර කරදරයක් නැතුව ජීවත් වීමට මගක් නව ජනාධිපතිවරයා විසින් හදා දෙනු ඇතැයි යන විශ්වාශය ජනිත වීඇත.

මහින්ද රාජපක්ෂ බලය සඳහා  කරන  අරගලයෙන් මඳකට ඈත්ව සිටින බවක් පෙනෙන්ට ඇති අතර ජාතික ප්‍රශ්නය උපයෝගී කර ගනිමින් තමන්  දෙමළ සහ මුස්ලිම් ඡන්ද වලින් පරජයට පත් වූ බව කියන කථාව තාවකාලිකව යටපත් කරනට සිදු වී ඇත.

ලබන මහා මැතිවරණය වන විට රටේ පවතින තත්වය සලකා බලා එක්සත් ජාතික පක්ෂය සමග සම්මුතියකින් බලතුලනය සකස් කර ගැනීමේ වාසිය නව ජනාධිපතිවරයාට හිමිය.

හිතන මතන ලියන කියන  පංතියේ සහයෝගය ලැබී ඇති අතර මාධ්‍ය සුප්‍රුරුදු ලෙස  බලය  ඇති පැත්තට කඩේ යයි.ඒ නිසා ඒ පැත්තෙන් ද කරදරයක් නැත.

මේ සහයෝගය නිසාම මෛත්‍රීට බරපතල අභියෝග රැසක්ද මතුවී ඇත. ඇත්ත වශයෙන්ම මේවා ‘සොඳුරු අභියෝග ‘ ලෙසින්ද නම් කල හැකිය.මන්දයත් මෛත්‍රී බලය ඉල්ලුවේත්

ජනතාව බලය ලබා දුන්නේත්  මේ  අභියෝග විසඳාලන්නටය.

 

 

IMG_0091 (640x480)

 

 

‘සොඳුරු අභියෝග ‘

මෛත්‍රී මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමේ පනත් කෙටුම්පත 21 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.

දහඅටවැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කර දහනවවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ද එදිනම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අගමැතිවරයා සහ ඇමැති මණ්‌ඩලය හරහා පාර්ලිමේන්තුවට බලය පැවරෙන ආණ්‌ඩුක්‍රම ව්‍යූහයක්‌ ස්‌ථාපිත කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩසටහන ක්‍රියාවට නංවමින් මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට නිමිතය.

ස්‌වාධීන අධිකරණ කොමිසම, ස්‌වාධීන පොලිස්‌ කොමිසම, ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්‌වාධීන මැතිවරණ කොමිසම, ස්‌වාධීන අල්ලස්‌ කොමිසම හා ස්‌වාධීන මානව හිමිකම් කොමිසම බලාත්මක වූ දාහත්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අක්‍රීය කරමින් සහ දෙවරකට වඩා වැඩි වාර ගණනක්‌ ජනාධිපතිවරයාට එම ධුරය සඳහා තරග කිරීමට අවස්‌ථාව ලබාදෙමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ගෙන ආ දහඅටවැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමට ද 21 වැනිදා පාර්ලිමේන්තුවට ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඉදිරිපත් කෙරේ. ඒ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහනව වැනි සංශෝධනය වනු ඇත.

 

images (65)

 

පුර්ණ එකඟතාවක්

 

මේ කෙරෙන වෙනස් කම් පිළිබඳව ජාතික හෙළ උරැමය පාර්ශවය සහ  එක්සත් ජාතික පක්ෂ පාර්ශවය අතර පුර්ණ එකඟතාවක් ඇතිකර ගැනීම මෛත්‍රී  හමුවේ ඇති අභියෝගයකි. මේ කෙරෙන වෙනස්කම් මොනවාදැයි ප්‍රමාණවත් ලෙස ජ්නත්හව දැනුවත් කල යුතුය.

විශේෂයෙන්ම කප්පාදු  කෙරෙන ජනාධිපති බලතල මොනවාද තබාගන්නා බලතල  මොනවාද යන්න පිළිබඳව ජනතා සංවාදයක් ඇති කිරීම වැදගත්ය. ඒ මගින් යම් යම් විවාදාත්මක තත්වයෙන් ඇති විය හැකි වුවත් දිගු කාලීන අවබෝධයක්  ඇතිවිය හැකිය.

 

අළුත් ආණ්ඩුව රැකෙන්නේ මේ අවබෝධය තුලයි.එසේ නැතුව සිග්නල් කණු සේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ගේ අත් ඔසවා ගැනීම තුලින් නොවේ.මන්දයත් මේ ඉන්නා මන්ත්‍රීවරුන් වැඩිදෙනා තමන් රැකෙනතුරා ස්ටේෂන් මාස්ටර් කියන දෙකට අත ඔසවන්න කැමැත්තෙන් සිටින පිරිසක් බව අන් සියලන්ටම වඩා හොදින් දන්නේ මෛත්‍රීය. එහෙත් ජනතා බලය යනු එවැනක් නොවේ.මොන මාස්ටර් කිව්වත්  කෝච්චියට යන්න දෙනවා දනැද්ද කියා ජනතාව තීරණය කරන්නේ තමන්ට දැනෙන පරිද්දෙනි . මේ බලය ගැන මෛත්‍රී සහ රනිල් ප්‍රමාණවත් ලෙස සංවේදීද යන්න කීමට තාමත් ඉක්මන් වැඩිය.

යහ පාලනය, ආර්ථිකය සහ රාජ්‍ය තාන්ත්‍රික පෙරමුණේ අළුත් ආණ්ඩුව මුහුණ දෙන අභියෝග  පිළිබඳව ඉදිරියට කතා කරමු.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.