සහල් නිෂ්පාදනය අඩකින් පහතට

riceකන්න දෙකක් එක දිගටම සහල් නිෂ්පාදනය අඩකින් පමණ පහත වැටීම නිසා ශ්‍රී ලංකාව දැඩි සහල් අර්බුදයකට මුහුණ පා සිටින බව දිවයිනේ ප්‍රධානතම ව්‍යාපාරිකයන්ගේ සංවිධානය අනතුරු අඟවයි. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා යෙදෙන යල කන්නයේ අස්වැන්න 48% කින් පහත වැටෙන අතර පසුගිය ඔක්තෝම්බර් සිට මාර්තු දක්වා මහ කන්නයේ දී සහල් නිෂ්පාදනය 49% කින් පහත වැටුනු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සිය අලුත්ම ආර්ථික විශ්ලේෂණ වාර්තාවෙන් පෙන්වා දෙයි.

ජූලි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙන පරිදි යල කන්නයේ සහල් නිෂ්පාදනය අඩාල වීම සඳහා වියලි කලාපයට බලපෑ නියඟය තදින්ම හේතුවී ඇති අතර හදිසි ගංවතුරද එය තවත් පහල දැමීම සඳහා හේතු කාරක වී තිබේ.

යල කන්නය සඳහා අපේක්ෂිත සහල් අස්වැන්න මෙට්‍රික් ටොන් 789,000 වන අතර එය 2016 වසරේ වාර්තාවූ මෙට්‍රික් ටොන් පහලොස් ලක්ෂයට සාපේක්ෂව පහල යාමකි.

මේ වසරේ අපේක්ෂා කරන සමස්ත සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2,267ක් ලෙස වාණිජ මණ්ඩල වාර්තාවේ දැක්වෙන අතර එය පසුගිය වසරේ නිෂ්පාදිත මෙට්‍රික් ටොන් 4,420 න් අඩකටත් වඩා අඩුය.

අගෝස්තුව වනවිට ශ්‍රී ලංකාව දශක හතරකින් මුහුණ මුහුණ දෙන බරපතලම නියංසායට ගොදුරු වීමේ අවදානම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබුනේ මේ වසර මුලදී ය.

එම අභියෝගයට මුහුණ දීම සඳහා දැනට පවත්නා කෘෂිකාර්මික ප්‍රතිපත්ති වෙනත් ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ ප්‍රතිපත්ති සමගින් වහාම සමපාත කරමින් තිරසාර කෘෂිකාර්මික ප්‍රවේශයකට එළඹිය යුතු බව ලෝක ආහාර සංවිධානය මුල්වී පසුගිය පෙබරවාරියේ නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් නිර්දේශ කර තිබුනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!