ස්වාධීනව ඉන්න පාර්ලිමේන්තුවේ ඉස්සරහා පේලියක් දෙන්න-තිස්ස විතාරණ

 

fgjhgjhg

 

 

 

තමන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ ස්වාධීන පක්ෂ ලෙස වෙන වෙනම කි‍්‍රයා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ රැසක නායකයන් අද (19) කථානායක චමල් රාජපක්ෂට දැනුම් දුන්නා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග‍්‍රසය, ඊ.පී.ඩී.පී. සහ වමේ පක්ෂ ඊට අයත්.

 

 

downloanhkjhd

 

තිස්ස විතාරණ

මේ සම්බන්ධයෙන් විමසීමේදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක කියා සිටියේ මෙම පක්ෂ නායකයින්ගේ ඉල්ලීම පිළිබදව කථානායකවරයා තමන් දැනුවත් කළ බවයි. එහෙත් විපක්ෂයේ වෙන වෙනම පක්ෂ ලෙස කි‍්‍රයා කිරීමට ඔවුන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් කථානායක, චමල් රාජපක්ෂ මෙතෙක් දැනුම් දී නොමැති බව ඔහු සඳහන් කළා.

 

 

[vsw id=”/RRleXaXE7SU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

තිස්ස විතාරණ හිටපු ඇමතිවරයා කියා සිටින්නේ ස්වාධීනව සිටීම සඳහා තමන් ඉදිරි පෙළ අසුනක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

 
මේ නොනිල  සන්ධානයට අයත් එම පක්ෂ සතුව පාර්ලිමේන්තුවේ ඇති මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 14ක්. ඉන් 3ක්, මහජන එක්සත් පෙරමුණටත්, 2ක් ජාතික නිදහස් පෙරමුණටත් අයත් වනවා. කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ අයත් වන වමේ පෙරමුණට හිමි මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 5ක්. ඊ.පී.ඞී.පී. සංවිධානයට මන්ත‍්‍රී ධුර 3ක් ද, ඒ.එල්.එම්. අතාවුල්ලාගේ ජාතික කොංග‍්‍රසයට එක් මන්ත‍්‍රී ධුරයක් ද හිමි යි.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික දැඩි එකඟතාවකින් කටයුතු කරන හෙයින් විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමට මේ පිරස උත්සහ දරතත් ඔවුන්ට මතවාදී එකඟතාවක් නැත.

කෙසේ වෙතත්, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධානතම පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 128ක්.

රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, නවීන් දිසානායක, නන්දිමිත‍්‍ර ඒකනායක, ෆයිසර් මුස්තාෆා යන මන්ත‍්‍රීවරුන් නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන අතර හෙට දින රැස්වන පාර්ලිමේන්තුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මෙම අමාත්‍යවරුන්ට ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සිදුවනු ඇති. නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙකුත් මන්ත‍්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.