ස්වාධීන අධිකරණයක ආලෝකය දැල්වීමට ශිරාණි දිනකට වැඩ භාර ගනී

 

shira

 

 

 

43 අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පසුගිය රජයෙන් ඉවත් කළ ආකාරය නීති විරෝධී හෙයින් ද, 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් පත් වීම ද ඒ නිසා නීති විරෝධී වන හෙයින්  ද ස්වාධීන අධිකරණයක ආලෝකය දැල්වීම සඳහා නීති විරෝධී පදවියෙන් ඉවත්ව යන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති මොහාන් පීරිස් අගවිනිසුරුට ලිපියක් යවා ඇතැයි නීතීඥ එකමුතුවේ කැඳවුම්කරු ජේ සී වැලිඅමුණ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු කුටිය ඉදිරිපිට දී ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරිය වැඩ භාර ගෙන අදම විශ්‍රාම යෑම සඳහා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියාය.

පසුගිය රජය ඇය සේවයෙන් පහ කළේය.

නීතීඥවරු සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ද ඇය පිළි ගැනීම සඳහා අලුත්කඩේ උපරිමාධිකරණයේ රැස්වී සිටිති.

අලුත්කඩේ අද උද්ඝෝෂණයක් පැවැතිය ද අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය. අගවිනිසුරු මොහාන් පීරිස් පැමිණ සිටි බවක් දක්නට නොලැබිණි.

 

[vsw id=”/14fbC6Z7fY4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.