ස්වාධීන රූපවාහිනියට මදි නොකියන්න එන්තරවාසියක්

chamila
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්තිනාමයට හා මැතිවරණය ව්‍යාපාරයට බලපෑම් ඇති වන අයුරින් කටයුතු කල බව පවසමින් ස්වාධීන රූපවාහිනි සේවයෙන් රුපියල් මිලියන 1000ක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.2014-12-30 දින දින රාත්‍රී 7.00 ට“යහපාලනය ගැන කතා කරන විපක්‍ෂයේ සිරිසේන මහතාගේ යසපාලන ජීවිතයේ අනියම් සබදතා ගැනත් තොරතුරු හෙලිදරව්වේ” යන ප්‍රවෘත්තිය මීට හේතුවී ඇත.
ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට, එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ප්‍රවෘත්ති සුධර්මන් රදලියගොඩ මහතාට රුපියල් මිලියන 1,000 ක සාධාරණ තක්සේරුවක් යටතේ එන්තරවාසි යවා ඇත.නීතීඥ නිමල් රාජපක්‍ෂ මහතා විසින් යවා ඇති මෙම එන්තරවාසියේ පරිදි ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය භාවිතයෙන් විකාශය කළ අසත්‍ය පුවත හේතුවෙන් සිය සේවාදායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව ඇති මානසික පීඩාව හා හානියට රුපියල් මිලියන 1,000 ක් ලෙස තක්සේරුකර ඇත.
එය එන්තරවාසි යොමු කළ 16 දෙනා එක්ව හෝ වෙන් වෙන් වශයෙන් අද සිට දින 14 ක් ඇතුලත ගෙවිය යුතු බව දක්වා ඇත. එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් එකී රුපියල් මිලියන 1,000 මුදලත් ඊට අදාළ නෛතික පොළිය හා නඩු ගාස්තු අයකිරීම සඳහා ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඞ් සමාගමට එහි සභාපතිවරයාට, අධ්‍යක්‍ෂකවරුන්ට හා නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ප්‍රවෘත්ති එරෙහිව එක්ව හා වෙන් වෙන්ව නඩු පවරන බවට නීතීඥ නිමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටී
asian mirror

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.