ස්‌පා ක්‍රිස්මස් හැම්පර්

spaඅලුත්ම තාලයේ නත්තල් හැම්පර් එකක් ගැන දැන ගන්නට ලැබී ඇත. නත්තල් සහ අලුත් අවුරුදු කාලය තුළදී බලය අඩු අය විසින් බලය වැඩි අයට ඉදිරියට එන වසර පුරා තමන්ගේ වැඩකටයුතු පහසුවෙන් කර කර ගැනීම සඳහා දෙනු ලබන අල්ලස්වලට නිල වශයෙන් යොදන නාමය වන්නේ හැම්පර් යන්නයි. උත්සව සමය වඩා ප්‍රීතිමත්ව ගත කිරීම සඳහා අවශ්‍ය බොහෝ දේ මේ තුළ අඩංගු වේ.

කෝන් බීෆ් ටින් එකක් බිස්කට් පැකට් එකක් විස්කි බෝතලයක් දෙකක් චොක්ලට් සුවඳ විලවුන්වුන් යනාදිය මේ හැම්පර් වලට අයත් වේ. රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් සහ බැංකු කළමනා කළමනාකරුවන් සහ දේශපාලකයින්වෙත යැවුණු හැම්පර් තුළ අමුතු දෙයක් විය. එය කාඩ්පතක සඳහන්වූ ටෙලිෆෝන් අංකයකි.

මේ කාඩ් පතේ සඳහන් ටෙලිෆෝන් අංකය ගනුවර සුප්‍රසිද්ධ ස්‌පා එකක අංකයකි. හැම්පර්ලාභියා දුරකථනයෙන් ස්‌පා එකට කතා කළ විට එහා පැත්තෙතේ සිට පිළිතුරු දෙන්නේ මිහිරි හඬක් ඇති දිගැසියකි. ඇය වහාම තමන්ට කතා කරන්නේ ඉතාම වැදගත් පාරිභෝගික භවතෙක් බව හඳුනාගනියි. හැම්පරේ හිමිකම් පැය දෙකක ෆුල් බොඩි මසාජ් එකකි.

මේ සඳහා තමන්ට කැමති මාදිලියක කාන්තාවක් ඉල්ලුම් කළ හැකිය. කාන්තාව සූදානම් කෙරෙන අතර තමන්ට කැමති හෝටලයකට කාන්තා රැගෙන යා හැකිය. එසේ නොමැතිව ස්‌පා එකට පැමිණියහොත්යො මුළු අවුරුද්දටම මතකයේ රැඳෙන සාත්තුවක් තමන්ට ලබා හැකි බව ඇය කියන්නීය. වාර්ෂික සාමාජිකත්වය සඳහා සියයට පනහක වට්ටමක්ද ලැබෙන්නේය.

බොහෝ හැම්පර්ලාභීන් මේ කතාවට වශීවී ස්‌පා එක වෙත පැමිණ සන්තර්පණය වෙති. බොහෝවිට ඊළඟ අවුරුද්ද තුළ මෙවැනි අල්ලස් වල වැයවෙන මුදල් ගෙවීමට සිදුවන්නේ මේ පිරිසේ සේවාව ලබාගන්නා අසරණ පාරිභෝගිකයින්ය.

අප කළ විමසුමකදී එළිදරව් වූයේ මෙවර හැම්පර් ස්‌පා එකට පිරිමැසිය නොහැකි තරම් ඉල්ලුමක් තිබුණු බවය. මේ නිසා අසළ ස්‌පා කීපයකින්ද කාන්තාවන් ගෙන්වාගැනීමට සිදුවී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.