සාකච්ඡා පුස්සක්-මෛත්‍රී කෙළින්

President Sirisena meets former President at Parliament

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාව අවසන් වී දෙදෙනාම පිටව ගියහ.

හිටපු ජනපතිවරයා පිටව ගියේ වත්මන් ජනපති පිටවී ගොස් මිනිත්තු දහයකට පමණය.

පැයක් පමණ සාකච්ඡාව පැවැත්වෙන්නට ඇතැයි ආරංචි මාර්ග කියයි.

දෙදෙනාම මාධ්‍යයට අදහස් දැක්වූයේ නැත. දෙපාර්ශ්වයේම ආධාරකරුවන් කියා සිටින්නේ මෙම කථාබහ ආරම්භවීමට  පෙර පටන් එය අසාර්ථක වීමේ ලකුණු දැකගත හැකි වූ බවයි.

මේ අනුව මහින්ද රාජපක්ෂ ගේ පිළ වෙනමම තරඟ කිරීමට ඉඩ  ඇති අතර ඔහුගේ හිතවතුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලා සිටීමට ඉඩ  ඇත.

 

සාකච්ඡාව සාර්ථකයි

 

06

 

 

ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා අතර අද පැවැති සාකච්ඡාව සාර්ථක වූ බව වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව ඒ මහතා කියයි.මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිළ නියෝජනය කරන දුමින්ද දිසානායක මහතා මෙසේ කියන්නේ අනවශ්‍ය ගැටුමක් ඇති නොවී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සතුටු කිරීම සඳහා බව පැහැදිලිය.
ඉදිරියේදී මෙවැනිම හමුවක් පැවැත්වීමට නියමිතදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම්විට එසේ සිදුවිය හැකි බවයි.

පාවා දෙන්නේ නැහැ

මෙම කථාබහට යෑමට පෙර තමා කිසිඳු විටෙක එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කොට සිටියේය.

හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා අතර  පැවැත්වෙන සාකච්ඡාව මගින් තමාව ජනාධිපති ධුරයට පත් කල එක්සත් ජාතික පාක්ෂික ප්‍රමුක ජනතාව පාවා නොදෙන බවද ඔහු කියා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එබව සඳහන් කර ඇත්තේ එජාප ප්‍රබල ඇමතිවරයකුට  දුරකතන අමතුමක් ලබා දෙමිනි.

මේ පිළිබඳ යම් යම් පුද්ගලයින් විසින් කරනු ලබන ඇතැම් ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

රාජපක්ෂ පාලන සමයෙ මහජන දේපල කොල්ල ක කිසිවකුට තම ගෙන් සහනයක් නොලබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා අවධාරණය කොට ඇත.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.