සාගල රයන් මෙහෙයුම ගැන සමාව ඉල්ලයි

Sagala Ratnayakeවෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු වන රයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනිමට කරන ලද මෙහෙයුමේ අඩුපාඩු පවතින බැවින් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමා රටේ සියළුම පුරවැසියන්ට කණගාටුව ප්‍රකාශ කරන බව නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (25) ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ නැගු ප්‍රශ්නයකට අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා මෙසේද කීය.

“සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී රජයේ දේපලවලට අනර්ථයන් සිදු කිරිමට අදාළව පොදු දේපල පනත යටතේ සැකකරුවෙකු ලෙස පෙනි නොසිටිම හේතුවෙන් වරෙන්තු නිකුත් වී ඇති සැකකරුවෙක් ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රජයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට යාමේදි පොලිස් නිලධාරින් පමණක් සහභාගී වී ඇති අතර නිලධාරින් ප්‍රවාහනය හා මෙහෙයුම් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත වාහන පමණක් භාවිතා කර ඇත.”

මෙහෙයුම සඳහා නිල ඇදුම් ඇද ගත් නිලධාරින් 4 දෙනෙකු හා සිවිල් ඇදුමින් යුතු නිලධාරින් 9 ක් සහභාගී වි ඇති අතර රියදුරන් නිළ ඇදුමින් සිට තිබේ.

මෙහෙයුම හා ක්‍රමවේදය

මෙම මෙහෙයුම හා එම ක්‍රමවේදය සම්බන්ධව අඩුපාඩු ඇති බව ඇමතිවරයා පිළිගත්තේය. රාජකාරි අතපසුවිමක් කර ඇද්දැයි පරික්ෂා කිරිමට පොලිස්පතිට උපදෙස් දී ඇති බව සාගල රත්නායක පිළිගත්තේය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු වන රයන් ජයලත් යන ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනිමට ගැනිමට යාම හේතුකොට ගෙන ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට මෙන්ම පුරවැසියන්ට පොලිස් දෙපාර්තමේන්තුව මගින් යම් අපහසුතාවයක් විම සම්බන්ධයෙන් තමන් කණගාටුව වන බව ඇමති සාගල රත්නායක පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.