සාටකේට දකුණ හරි- රනිල්- මෛත්‍රී ට දකුණ සොරි-නිර්මාල්

nirmal-ranjithආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියා සිටින්නේ සිංහල-බෞද්ධ ජනයා අතර දේශපාලන සුජාතභාවයක් නොමැති රනිල්- මෛත්‍රී හවුල දැවැන්ත අර්බුදයක් කරා තල්ලු වෙමින් තිබෙන බවයි.

 නිර්මාල්ට සවන් දෙමු

 ගොල්ෆේස් රැළියේ දේශපාලන ඇගවීම ඉතා පැහැදිළිය. එනම් තව දුරටත් ආණ්ඩුවට පැවැතීමට සිංහල-බෞද්ධ ජනයා අතර දේශපාලන සුජාතභාවයක් නොමැති බවයි. ජාතික මට්ටමේ තීරණාත්මක මැතිවරණයකින් ජය ගැනීම ගැන සිතීමටවත් නම් රනිල්-මෛත්‍රී සංධානයක් තවත් ශක්තිමත් වී දෙමළ මුස්ලිම් පක්ෂ වල සහය ඊට මුළුමනින්ම ලබා ගැනීම අවශ්‍ය වේ. ඒ මගින් වුනත් ඊට බහුතරයක් ඡන්ද ප්‍රමාණයක් ගැනීමට ඇති හැකියාව බෙහෙවින් අඩුය. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හොර ඡන්ද දමීම් (දැන් එවැනි දේ පහසු නැතත්) මගින් ජය ගත්තත් එය ක්ෂණික් දේශපාලන අර්බුදයකට පාර කපනු ඇත. එය සාමකාමීව රාජපක්ෂවරු නැවත බලයට පැමිණීමට වඩා බරපතල තත්වයක් වනු ඇත. කෙසේ වෙතත් මේ තත්වය තුළ රාජපක්ෂ ව්‍යාපෘතියට පිටතින් වූ විකල්පයක් දකුණ තුළ ගොඩ නැංවීම යන්න දැනට කිසිසෙත්ම හැකි දෙයක් නොවේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.