සැකකාර ළමා අපයෝජකයට ගුටි

www.nethfm.com-05

 

 

පුත්තලම ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන 6 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් අප‍යෝජනය කිරීමට උත්සාහ කළ බව කියන අයෙකු ප්‍රදේශවාසීහු එක්ව අද පොලීසියට භාර දුන්හ.

මවගේ උපදෙස් මත නිවසට රැගෙන යාමට පැමිණි බව පවසා දැරිය පැහැරගෙන ගොස් තිබිණි.

 

මීට පෙර දිනවලදී අදාල දැරිය පාසල නිමා වී තම සොහොයුරා සමග කුලී ත්‍රිරෝද රථයකින් නිවස බලා යන බවත්, අද දින කෙසේ හෝ අදාල දැරියට පාසල අවසන් වී නිවස වෙත යාමට ත්‍රිරෝද රථය පැමිණ නැති හේතුවෙන් මෙම දැරිය පාසල අසල රැදී සිටිය දී මෙම සැකකාර පුද්ගලයා අදාල දැරියව උපක්‍රමශීලිව මුලාකරමින් මුසා බස් පවසා පයින් රැගෙන යමින් සිටිය දී අසල නිවසක සිටි පිරිසක් විසින් දැරිය රැගෙන යන පුද්ගලයා සම්බන්ධයෙන් සැකකයක් පහළ වී ඇති ඒ බව ගම්මුන්ට දන්වා තිබූ බව කියයි.

ඉන් පසු ගම්මුන් එක්ව මෙම දැරිය රැගෙන ගොස් ඇති සැකකාර පුද්ගලයා කව්රුන්ද යන්න සොයා බැලීමට එම ප්‍රදේශයට ගමන් කරමින් සිටිය දී අදාල දැරිය සමග මෙම සැකකරු තිල්අඩිය වේලක්කන්නි දේව මෑණීයන්ගේ පල්ලියට යාබදව ඇති සොහොන අසල ඝණ කැලෑව දෙසට රැගෙන ගොස් ඇති බව සොයා ගෙන තිබුණි.

පුත්තලම තිල්අඩිය දුම්රිය මාර්ගය අසල වන ලැහැබක සිටියදී එම පුද්ගලයා අද ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට ගැනිණි.

ප්‍රදේශවාසීන් පැවසුවේ, දැරිය පැහැරගෙන එම වන ලැහැබට රැගෙන ගිය අවස්ථාවේ එම පුද්ගලයා සිය ග්‍රහණයට ගත් බව ය.

පාසල අවසන් වීමෙන් පසු ත්‍රිරෝද රථයකින් දිනපතා නිවෙසට යන 8 හැවිරිදි දැරිය රවටා එම පුද්ගලයා ඇය පැහැරගෙන ගොස් තිබිණි.

කිසිදිනෙක නොදුටු පුද්ගලයෙකු සමග දැරිය ගමන් ගන්නා අයුරු දුටු කාන්තාවක ඇගේ මවට වහා දුරකතනයෙන් ඒ බව දන්වා තිබේ.

ඒ වනවිට ත් දැරිය පැහැර ගත් එම පුද්ගලයා තිල්අඩියේ දුම්රිය මාර්ගය අසල වන ලැහැබට රැගෙන ගොස් තිබිණි.

ප්‍රදේශවාසීන්ගේ ක්ෂණික මැදිහත්වීම මත සිදුවන්නට ගිය අනතුරින් බේරාගත් දැරිය පසුව ඇගේ මව භාරයට පත් කළේ ය.

අත්අඩංගුවට පත් සැකකරු ප්‍රදේශයේ නමගිය අපරාධකරුවෙකු බව පොලීසිය පැවසීය.

 

[vsw id=”/GJV6rtRCCW0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

www.nethfm.com 13

 

 

කාමාතුරයෙක් පැහැරගත් 06 හැවිරිදි දැරිය සොයාගත් හැටි (ඡායාරූප )

 

 

 

www.nethfm.com 12

 

 

 

www.nethfm.com 19

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!