සැමට සම නීතිය ඥාණසාර හිමිද අත හැරියේ නැත

gnanasara-1අතුරුදන් වී සිටින ප්‍රගීත් එක්ණැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්ණැලිගොඩ මහත්මියට මහාධිකරණය තුලදී බැණ තර්ජනය කිරීමට එරෙහිව ඊයේ (24) ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී වරදකරු වී ඇති අතර දඩුවම් නියම කිරීම ලබන මස 14 වෙනිදා සිදු කිරීමට නියමිත වේ.

2016 වසරේ ජනවාරි 25 වැනි දා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට මෙසේ තර්ජනය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් එක්ණැලිගොඩ මහත්මිය සිදුකරනු ලැබූ පැමිණිල්ල මත මෙම අධිකරණ විභාගය පැවැත්විණි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ බී 7417/10 දරණ නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ ඥාණසාර හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා පිරිසක් මෙසේ කලහකාරී ලෙස හැසිරී තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.