සිඟිති දියණිය ඩිරාම් වලට හිරවී

 

unnamed

 

 

 

තම සිඟිති දියණියගේ ඩිරාම් 650000 (රුපියල් 23657032) රෝහල් බිල ගෙවා ගත නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික මව්පියෝ දහ අතේ කල්පනා කරති.

සමීර ගාල්ලගේ හා ඉමේෂා මාධවී මේ බබාගේ මව්පියෝ ය. ඔවුහු අරාබියේ වසර තුනක් රැකියාව කළහ. ප්‍රශූතිය සඳහා අම රට යෑමට සිටිය දී මාධවීට උණ හෙම්බිරිස්සාව වැළැඳී මවගේත් දරුවාගේත් ජීවිතය බේරා ගැනීම සඳහා කළ හැකි එකම දෙය වූයේ සීස සැත්කමකින් දරුවා බිහි කිරීම බව වෛද්‍යවරු තීරණය කළහ.

ඒ වන විට කළලයට සති 26ක් ගතවූවා පමණි.

ප්‍රසූතියෙන් පසු මාධවී පෞද්ගලික රෝහලටක ඇතුළු කැරිණි. දරුවාට (රිසන්දි)  එහි පහසුකම් නොවූයෙන් වෙනත් රෝහලටක මාරු කැරීමට සිදු විය.

දින 85ක්ම ඇය එම රෝහලේ සිටින්නීය. මාධවීගේ බිල රක්ෂණයෙන් ගෙව්වත් දරුවාගේ බිලට රක්ෂණ හිමිකම් නැත.

ගාල්ලගේ ගුවන් තොටුපොළේ ගුවන් යානා මෙහෙයුම් සේවකයෙකි.

 

 

unnamedcccc

 

 

දරුවා තවමත් ජීවත් වන්නේ ඔක්සිජන් සහායෙනි. තවත් දෙසතියකින් පමණ ඔක්සිජන් යන්ත්‍රයෙන් ඉවත් කළ හැකි වෙතියි ඔහු බලාපොරොත්තු වේ.

ඉහළ නැඟ ඇති රෝහල් බිල ගෙවීම මේ දෙදෙනාට ප්‍රශ්නයකි.

ගාල්ලගේගේ වැටුප ඩිරාම් 525කි (රුපියල් 19077.59). ඔහුගේ මිතුරෝ දරුවාගේ බිලෙන් ඩිරාම් 55000ක් (රුපියල් 1998604.50 )ගෙවීමට උදව් කළහ.

බිල ගෙවීමට ආධාර ඉල්ලා ෆේස්බුක් පිටුවක් ද විවෘත කැර ඇත.

රෝහලේ වෛද්‍ය විශේෂඥ දොස්තර අනිල් රෙහෙමන්ඩ් කියනුයේ දරුවාගේ සංකීර්ණ ප්‍රශ්න නිසා දිගු කාලයක් රෝහලේ සිටීම නිසාත් බිල ඉහළ ගොස් ඇති බවයි.

එම රෝහලේ දවසක ගාස්තුව ඩිරාම් 3500කි (රුපියල් 127183.92  ).  ද්‍යෛවරයා පවසනුයේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරී ඇති බවයි.

දරුවා ගෙදර ගෙන යෑමට කිසියම් වැඩපිළිවෙළක් ගෙවිය යුතු බව ද ඔහු කියයි..

උදව් ඉල්ලමින් සමීර ගාල්ලගේ ඔහුගේ හා මාධවීගේ බැකු ගිණුම් පිළිබඳ විස්තර මෙසේ ඉදිරිපත් කර ඇත.

00971 55 3852963

Mr. S L Gallage – Hatton National Bank (HNB), Nugegoda Branch Account No – 027020512524 (LKR Account)

03. Mrs. Imesha Madhavee Mallawa Arachchi – Sampath Bank, Narahenpita branch Account No – 104053646504 (LKR Account)

04. Dubai Islamic Bank, Sahara Branch, Sharjah, UAE Current account A/C number: 067520032410301 IBAN Number: AE740240067520032410301 Bank swift code: DUIBAEAD Address: P.O.Box:391072, Al Qouz, Dubai, UAE

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.