සිටිසන් සරත් සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයේදි ඉදිරි අසුනක්

Sarath N. Silvaහිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද මූලික මානවහිමිකම් පෙත්සමේ ආරම්භක විභාගය පසුගිය සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයේදි හිටපු අගවිනිසුරුවරයා නීතිඥයන්ට පසුපෙළ අසුනක හිඳගෙන සිටිනු දුටු වත්මන් අගවිනිසුරුවරයා ඉදිරිපස නීතිඥයන්ගේ මේසයේ අසුන් ගන්නැයි ඉල්ලීමක් කළද සරත් එන්. සිල්වා මහතා කීවේ තමන් මෙම නඩුවට පෙනී සිටින්නේ නීතිඥයෙක් ලෙස නොව සාමාන්‍ය පුරවැසියකු ලෙසින් බවයි.

එනිසා පසුපස අසුන හොඳ බව හිටපු අගවිනිසුරුවරයා කීය. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා සහ තවත් නීතිඥ පිරිසක්ද දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥ පිරිසක්ද පෙනී සිටියහ. සරත් එන්. සිල්වා මහතා සමඟ ද සෑහෙන නීතිඥ පිරිසක් පැමිණ සිටියෝය.

මෙම නඩුවේ කරුණු දැක්වීමේදී දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් හිටපු අගවිනිසුරුවරයා “සිටිසන් සිල්වා” ලෙස හඳුන්වමින් උසාවිය හමුවේ කරුණු දක්වන්නට යද්දී විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ හිටපු අගවිනිසුරුවරයා සම්බන්ධව එලෙස කතා නොකරන ලෙසය. කෙසේ හෝ නඩුවේ මූලික විරෝධතා ගණනාවක් ගැන විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නැවත එහි විභාගය ලබන 19 දාට කැඳවීමට තීන්දු කළේය. මෙම පෙත්සම විභාග කරන්නේද නැත්ද යන්න එදිනට තීන්දු කරන බව දැනගන්නට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.