සිපිරි ගෙදර සුපිරි පුවත්

 

keerthi

මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ප්‍රවාහන ඒකකයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂක කීර්ති දිසානායක කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් නීලාමනී ලියනාරච්චි මහත්මියගේ නියෝග මත බදාදා ( 18) වන තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහු ජනාධිපති කාර්යාලය සතු රුපියල් ලක්ෂ 50 ක් වටිනා වාහන තුනකට වූයේ කුමක්දැයි ප්‍රකාශ කිරීමට ඔහු නොදත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ඔහු කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ප්‍රසන්න රණතුංගගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා

වත්තල මහබාගේ පුද්ගලයකුට පහර දී අයුතු අවහිර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

ඇමැති ආරක්ෂක අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක පෙරේරා ඔහුය.

මොහුගේ වැඩ තහනම් කිරීමේ නිර්දේශ ඇමැති ආරක්ෂ අංශයේ අධ්‍යක්ෂ විසින් පොලිස්පතිවරයා වෙත යොමු කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මෙම සිද්ධිය මුදල් ආරවුලක් මත සිදුවී ඇති බව ද ඔහු පැවසීය.

  බස් රථ 50ක්
 බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට බස් රථ 50ක් අධිකරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  වැලිකඩ බන්ධනාගාරයේදී අද (17)  බාර දුන්නේය.රැඳැවියන් ප්‍රවාහනය කිරිමේදී මහත් අඩුපාඩුවක්වු හිගයට විසඳුමක් ලෙස සැපැයුණු මේ බස් වල වටිනාකම  රුපියල් කෝටි 214 ඉක්මවයි.

බන්ධනාගාර සහ එළිමහන් කඳවුරු වලට මේ බස් බෙදා දෙනු ඇත .

පානීය ජල බවුසර් කිහිපයක්ද බෙදා දුන් මේ අවස්ථාවට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ , බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් එම් ඩි ආර් පුෂ්ප කුමාර , හිටපු බන්ධනාගාර  අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහත්වරු ද ,අමාත්‍යංශ ලේකම් කමලිනි ද සිල්වා  මහත්මිය ද  පැමිණ සිටියහ.

RDS_3804

 

 

srilanka’s prisons get more buses

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.