සියලු ප්‍රශ්නවලට මුල පළාත් සභාවලට බලතල නොදීමයි… විග්නේෂ්වරන් කියයි…………

vigneshwaranදිනසේන රතුගමගේ
හිමිකම් විශාල ප්‍රමාණයක් මධ්‍යම රජය සතුව තබා ගනිමින් පළාත් සභාවලට හිමිකම් හා බලය ලබා නොදෙන තාක් ප්‍රශ්න හා ගැටළු වලට විසදුම් සෙවිය නොහැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නෙස්වරන් 12 දා රාත්‍රියේදී යාපනයේදී පැවසීය.

යාපනයේ සංස්කෘතික සංවිධානයක් විසින් නව ගීත ඇතුළත් සී.ඩී.තැටියක් දොරට වැඩීමේ උත්සවයකට සහභාගි වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ මධ්‍යම රජය උතුරේ ඉඩම් සම්බන්ධයෙන් ඇති ගැටළු වලට විසදුමක් ලබා දීමක් නොකරණ අතරම පළාත් සභාවට එම කටයුතු ඉටුකිරීමට බලයක්ද ලබා නොදෙන බවයි. ඉඩම් වෙනුවෙන් පමණක් නොව අනෙක් සියළුම කටයුතු සදහාද ප්‍රධාන රජයත් පළාත් සභාවත් අතර ඉතා විශාල පරස්පරයක් ඇති හෙයින් පළාත් සභා නියෝජිතයින්ට ජනතාවට සේවය කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

මේ ව්‍යුහයන් දෙකේ ඇති පරස්පරය නිසා ජනතාව චෝදනා එල්ල කරන්නේ මධ්‍යම රජයට නොව පළාත් සභාවට බව පෙන්වා දෙන ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාත් සභාවේ සියළුම දෙනා වර්ථමානයේ මුහුණ පා සිටින්නේ එවැනි තත්ත්වයකට බවද පවසා ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.