සියළු මාධ්‍ය ඇස් බැදුම්කර කොසම්ට යන රවී වෙතයි

Ravi Karunanayakaරවී කරුණානායක ඇමැතිවරයා බැඳුම්කර කොමිසම හමුවට පැමිණීම වාර්තා කිරීමට මාධ්‍ය තුළ ඇත්තේ දැඩි උනන්දුවකි. ඔහුට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවේදීන් අසන අසීරු ප්‍රශ්න වලට පිළිතුරු දීමට සිදුවන බව අනුමාන කෙරේ.

නීතිවේදී ගෝමින් දයාසිරි පැවසුවේ මෙවැනි කොමිසමක් ජනාධිපති රාජපක්ෂ කිසි දිනක පත් කරන්නේ නැති බවයි. දැනට කොමිසම ඉතා මැනවින් වඩා කටයුතු කරගෙන බවයි
දයාසිරි පවසන්නේ.

මුර පද

මේ අතරවාරේ බැඳුම්කර කොමිසමට බොරු කීම සම්බන්ධයෙන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසමට දැනුම් දුන්නේය.

අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් ප‍්‍රකාශයට පත් කරන බව කොමිසම පැවසුවේය. අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසම අමතමින් තම සේවාදායකයා ජංගම දුරකතනය මිලදී ගෙන ඇත්තේ සිංගප්පුරූවෙන් යැයි කීය.

ජංගම දුරකතනය සිංගප්පුරූවෙන් මිලදී ගැනීමෙන් අනතුරුව තම සේවාදායකයා එම ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ සහ භාවිත නාමය ආදී යොදන ලද්දේත් සිංගප්පුරූවේදී නිසා මේ වන විට ඔහුට ඒය මතක නැතැයිද ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය.

කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා-“ ඔබගේ සේවාදායකයා ඔහුගේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ සහ භාවිත නාමය ආදී කරුණු දැනුම් දෙන්නේ නැත්නම් අපි ඒ කරුණු වෙනත් ක‍්‍රමයකින් ලබාගැනීමට කටයුතු කරනවා.“

අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා.-“ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමට කියන්නේ බොරු, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකියි’ පැවසීය.“

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

One thought on “සියළු මාධ්‍ය ඇස් බැදුම්කර කොසම්ට යන රවී වෙතයි

  • August 2, 2017 at 10:00 am
    Permalink

    kalin sathosa kaapu ekaata mudal amathikama saha singapoor walin genapu arjunta maha bankuwa dunne maha bankuwata kelinnama hitahagena thamayi. raviyo umbata sannayak ganna nam e aththa kiyapiya. nathnam anunge pawu walata thaniyama kara gahanawanam tho modaya.

    Reply

Leave a Reply

Your email address will not be published.