සියළු වරද බැසිල්ට-විශ්ලේෂණය විමල් ගෙන්

downbbasillහිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සියල්ල කළේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට බවත් ඔහු නොසිටියේ නම් මැතිවරණය ජයග‍්‍රහණය කරන බවත් මහින්ද පරාජය කරවන්නට බැසිල් ජාත්‍යන්තර බලවේග සමග එක්ව කටයුතු කල බව ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ ඉදිරි මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට නම් හදිසි වෙනස්කම් රැුසක් කළ යුතු බව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන්නද එම වෙනස්කම් කිරීමට නොහැකි වූයේ බැසිල්  රාජපක්ෂ මහතා නිසා බවත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය අනු දැකීමට ඔහුට අවශ්‍ය වූ බවත්ය.

‘ඌව පළාත් සභා මැතිවරණයට පෙර හදිසි වෙනස්කම් රැසක් කළ යුතු යයිඅප ජනාධිපතිවරයාට පැවසුවා. යුද්ධය අවසන් වීම නිස ලැබූ ප‍්‍රසාදයෙන්   දිගින් දිගටම පවතින්න බැරි වත් පැහැදිලි හේතු සාධකවලින් සූදානම් විය යුතු බවත් අප පැහැදිලිව පවසා සිටියා.  ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී අපට ඇහුම්කන් දුන්නා නම් අදත් රටේ ප‍්‍රධානියා ඔහුයි.

downloawimald

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එම වෙනස්කම් කරන්න ඉඩ නොදුන්නේ බැසිල් රාජපක්ෂ.  එය කියන්න මා බිය වෙන්නේ නැහැ.  ජනාධිපතිවරණයෙන් ජයගන්න ඔහු කිසිවක් කළේ නෑ. ඔහු සියල්ල කළේ මහින්ද රාජපක්ෂ පරාජය කරවන්නයි. ඔහු සිටියේ නැතිනම් අපි ජයග‍්‍රහණය  කරනවා.

බැසිල් රාජපක්ෂ වටා විශාල බලයක් තිබුණා. ඒ පිළිබදව කැබිනට් අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් සිටියේ අප‍්‍රසාදයෙන්.  රජයේ නිලධාරීන්ද සිටියේ අප‍්‍රසාදයෙන්.  අපට තව ජන්ද දෙලක්ෂ පනස් දාහක් තිබුණා නම් අප මැතිවරණය ජයග‍්‍රහණය කරනවා. බැසිල් රාජපක්ෂට ගම්පහින් ඒ ජන්ද ප‍්‍රමාණය  පහසුවෙන් ලබා ගන්න තිබුණා.

imbasil

මා විශ්වාස කරනවා ඔහු යම් ජාත්‍යන්තර බලවේග  සමග ගිවිසුම් ගතවෙලා හිටියා කියලා. ඔහු වැඩ කළේ ඔවුන්ගේ උපදෙස් මතයි.  ජනාධිපතිවරණය අවසන් වූ සැණින් ඔහු රටින් ගියේ ඇයි? යම් ගිවිසුමක් තිබූ  බව එයින්ම ඔප්පු වෙනවා’ යයිද වීරවංශ මහතා එහිදී අදහස් පල කර ඇත.

තත්වය මෙසේ නම් බැසිල් රාජපක්ෂ මහතාට නැගෙන දුෂණ වංචා චෝදනා විමසීම සඳහා ඔහුව ආපසු ගෙන්වා ගැනීමට ආණ්ඩුව මේ තරම් ප්‍රමාදවන්නේ ඇයිදැයි  විමල් වීරවංශ මහතා විමසන්නේ නැත්තේ ඇයිද  යන්න ප්‍රශ්නයකි.

downloadjoohnnn

ඩබ්. ඩී. ඡේ. සෙනෙවිරත්න

මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කිසිසේත් සම්බන්ධ කර නොගන්නා බව හිටපු පළාත් පාලන ඇමැති ඩබ්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

පසුගිය රජය පරාජය වීමට බැසිල් රාජපක්‍ෂ මහතාද එක්‌ හේතුවක්‌ බව පෙන්වා දුන් සෙනෙවිරත්න මහතා පසුගිය රජය සමයේ යම් යම් භික්‍ෂු සංවිධානවල ක්‍රියාකලාප නිසා, ක්‍රිස්‌තියානි, කතෝලික මෙන්ම මුස්‌ලිම් බැතිමතුන්ගේ ඡන්ද මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයට අහිමි වූ බවද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උපදේශන මණ්‌ඩලයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද පත්කරගෙන පක්‍ෂය ඉදිරියට රැගෙන යැමට ක්‍රියාකළ යුතුව ඇතැයි ඒ මහතා කියා සිටියේය.

මේ ප්‍රකාශයෙන්ද පෙනී යන්නේ සියළු වරද බැසිල් පිට පටවා ඒ මතින් මහින්ද රාජපක්ෂ සහ  ඔහුගේ සගයින් සුදනන් කොට යළිත් පැරැණි වැඩ පිලිවෙලම ක්‍රියාවට නැංවිය හැකිදැයි හොයා බැලීමයි.

 

we lost because of Basil Rajapaksha.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.