සිරිකොත කඩි ගුලක් වෙයි-රනිල් විපක්ෂ නායක කාර්යාලයේ සිට වටපිටාව නිරීක්ෂණය කරයි

RANILW2

මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂාකාරී ලෙස ප්‍රධාන ක්‍රියාදාමයෙන් ඉවත් වී සිටින අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වර්ධනය වෙන තත්වයෙන් පිළිබඳව

සුපරීක්ෂාකාරී ලෙස කරුණු අධයනය කරමින් සිටී.

සිරිකොතට රස්ව සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් තමන්ගේ ඡන්දපොළ නියෝජිතයින් ගෙන් කරුණු විමසමින් ප්‍රතිපල ගැන අදහසක් ලබා ගැනීමට තැත් කරමින් සිටිති.

මීට් ටික වේලාවකට පෙර මාධ්‍ය වේදීන් හමුවූ මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ උතුරේ ඡන්දය වර්ජනය කරන්නැයි ගෙනගිය වැඩපිළිවෙල හේතුවෙන් ඡන්ද

ප්‍රකාශනයේ අඩුවක් තිබුනත් සීයයට 50ක්ත වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බවයි.

මේ අතර ඡන්දයෙන් පසුව යුද හමුදා මෙහෙයුමක් සිදුකිරීමට යන බවට තොරතුරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ සැලවීමත් සමග යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඇමතූ විපක්ෂ නායකවරයා,  වහාම සාධාරණ ඡන්දයකට බාධා කරන යුද හමුදා මෙහෙයුම් නතර කරන ලෙසත් යුද හමුදාව සාධාරණ වුවහොත් විපක්ෂයද සාධාරණ වන බවත් අවධාරණය කර ඇත.

විපක්ෂ නායකයා සහ යුද නායකයන් අතර අදහස් හුවමාරුව සිදුකර ඇත්තේ තෙවැනි පාර්ශවයක් හරහාය.

 

කොළඹ කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරයේ ආරක්ෂාව සහ ඒ අවට ආරක්ෂාව සඳහා විශේෂිත පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවට වාර්තා වේ.

ඒ අනුව විශේෂිත පොලිස් 800 ක පමණ බල ඇනියක් ඒ සඳහා යොදවා ඇති බවත් අනාවරණය වෙයි.

 

 

e58230fbdd828d31727abdc73368391a_L

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.