සිරිසේන මැතිඳු අද තනියම වෙල මැද්දේ

maithripalaමාර සෙනඟ වටකරගෙන යම යුද්දේ
සිරිසේන මැතිඳු අද තනියම වෙල මැද්දේ

මේ කවි දෙපදය මතක් වුනේ ජනාධිපතිතුමන් තම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පිළ මැද්දේ තනි වීසිට් ආකාරය දුටු විටයි. ජනාධිපති නිලා නිවසේ රැස්වීම ආරම්භ වීමට පෙරම උනුසුමක ලක්ෂණ දක්නට තිබින. සම්මුතිවාදීව එක්සත් ජාතික පක්ෂය සමඟ තව දුරටත් ඉන්නවාද එසේ නැත්නම් වෙන්වෙනවාද යන්න ප්‍රධාන ප්‍රශ්නය විය.

සැප්තැම්බර් වන විට ආණ්ඩුවෙන් ඉවත් විය යුතුද එසේත් නැතිනම් තවත් ටික කාලයක් සිටිය යුතුද එසේත් නැතිනම් දිගටම සම්මුතිවාදයේ එල්ලී ගෙන සිටිය යුතුද යන ප්‍රශ්න මතු වී තිබේ. කවර තීරණයක් ගත්තද යහපාලන ශ්‍රී ලංකා පාක්ෂික මන්ත්‍රීවරුන් වැඩි දෙනෙකුට ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන අහිමිවීමට ඉඩ තිබේ. ඩිලාන්,ලන්සා, ජෝන් සෙනවිරත්න ආදීන් පැවසුවේ ඉක්මන් තීරණයක් ගත යුතු බවයි,ඔවුන් නොකියා කීවේ සිරිසේනයන් සමඟ යා හැකි ගමනක් නැති බවයි. එස්.බී,මහින්ද සමරසිංහ,සරත් අමුණුගම ආදීන් ඒකාබද්ධ විපක්‍ෂයට බිය විය යුතු නැති බව කියා සිටියත් කව්රුත් එය ගණන් ගත් බවක් පෙනෙන්නට නොවීය.

වහෙන් ඔරෝ
ඔවුන් වහෙන් ඔරෝ සිරිසේනයන්ට සපොර්ට් කරන්නට උත්සාහ කළහ. අවසානයේදී ජනාධිපතිවරයා හැගීම්බර ඉලීමක් කළේය’ලබන දෙසැම්බර් 31 වෙනිදා වන තෙක් මාත් එක්ක ඉන්න.’ ඒ පිළිබඳව නම් ජනාධිපතිවරයාට බිය වීමට හේතුවක් නැත.මන්ද යත් ඔහු සමඟ සිටින බොහෝ දෙනාට යා හැකි තැනක් නැත. එහෙත් ඒ මගින් ජනාධිපති තුමන් මුහුණ දෙන දේශපාලන පාළුව නැතිව යන්නේ නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.