සිල්රෙදි වගේ ලිත් – බැසිල් අප්සෙට්

මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ පවරා ඇති ලිත් නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 26 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (03) නියම කළේය.

ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළැයි නීතිපතිවරයා විසින් එම නඩුව පවරනු ලැබ ඇත.

සිල් රෙදි නඩුවේ විත්තිකරුවන් වු රාජ්‍ය සේවකයින්ට සිරදඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා හමුවේ තමන්ගේ නඩුව විභාග කරනු ලැබුවහොත් තමුන්ට සාධාරණය හා යුක්තිය ඉටු වීමේ ප‍්‍රවණතාව අඩු බව පෙන්වා දෙමින් රාජපක්‍ෂ මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම සම්බන්ධයෙන් එදින අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතීපතිවරයාටද නියම කළේය. අදාළ නඩුව ලබන නොවැම්බර් 13 වැනිදා සිට දිනපතා විභාග කිරීමටද කුලතුංග මහතා තීරණය කර ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.