සිවාජිලිංගම්ට රහස් පොලීසියෙන් ඇමතුමක්

M. K. Sivajilingamබෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ මුල්ලිවායික්කාල් දිනය ගැන කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබේ.

තමාට ඊයේ (21) දින උදෑසන 11.30ට පමණ රහස් පොලීසියෙන් ඇමතුමක් ලැබුණු බවත්, පැමිණිලි විභාගය සඳහා අද (22) පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි දැනුම් දුන් බවත් සිවාජිලිංගම් මහතා පැවසීය.

තමන්ට කොළඹට පැමිණිය නොහැකි බැවින් තමන් හෙට දිනයේ වැල්වැටිතුරෙයි පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දිය හැකි බව තමන් එම නිලධාරීන් වෙත දැනුම් දුන් බව සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් සංචාරයකට තර්ජනාත්මකවත්,බෞද්ධ හිමිනමකට නිගරු වන ආකාරයටත්, මුල්ලිවායික්කාල් සැමරුම සම්බන්ධයෙනුත් යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කළ බව කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට අනුව මෙලෙස ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.