සිවිල් සමාජය යළිත් හොම්බෙන්………..

maithripala-sirisenaදිනෙන් දින ජනතාවට විහිළු සපයන සිවිල් සමාජය යළිත් වරක් තම විකට ස්වරූපය හෙළිදරව් කරමින් සිටී. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව කඩ කරමින් ඔහු නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යායුතු බවට ගනුලැබූ තීරණය පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සිය දැඩි අප්‍රසාදය පළ කරයි.

සිවිල් සමාජයේ උපකල්පනය තමන් කියන පදයට තමන් බලයට පත් කළ පිරිස් කටයුතු කරන් බවයි. මේ උපකල්පනය කොතෙක් වැරදුනත් ඔවුන් පසුබසින්නේ නැත. යළි යළිත් ප්‍රකාශ නිකුත් කරති.ඒ තුලින්සමාජ ප්‍රාග්ධනය රැස් කිරීමට උත්සාහ දරති.

සරත් විජේසුරිය පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මූලික පොරොන්දුව මත පසුගිය ජනාධිපතිවරණයේ දී එවක පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ නායකත්වයෙන් යුතුවූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය දුන් බවය. ඔහුට වැටහෙන්නේ නැත්තේ මෙවැන්නක් සම්බන්ධයෙන් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන හට යමක් කළ හැකි නමුත් ඔහුට ප්‍රකාශ නිකුත් කිරීම හැරෙන්නට යමක් කළ නොහැකි බවයි. ජන බලයක් නැති මයික් ටයිසන්ලා ගේ යුගය හමාර වෙමින් තිබෙන බව සිවිල් සමාජ න්‍යායාචාර්යවරුන් තේරුම්ගත යුතුය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.