සිසිර ගේ ස්වර්ණ ස්වරය නිහඬ වෙයි.

 

 

sisira

 

 

ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

ඒ, ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

1938 වසරේ හලාවතදී උපත ලද සිසිර සේනාරත්න මහතා මිය යන විට 79 වන වියේ පසුවිය.

වෘත්තීයෙන් රේගු නිලධාරියෙකු වූ ඔහු ගුවන් විදුලිය හරහා ගායන ලොවට පිවිසෙන අතර සිංහල සිනමා ගීතයේ නොමැකෙන සටහන් තැබූ ගායකයෙකු ද වේ.

1956 වර්ෂයේදී ප්‍රවීණ ගායන ශිල්පිනියක් වූ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර සමග විවාහ වන ඔහු ඉන් අනතුරුව කලා ලොවට ගී නිර්මාණ රැසක් දායාද කළේ ය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ රේඛාව චිත්‍රපටයට ගැයූ ගී පෙළ සිසිර සේනාරත්නයන්ගේ සංගීත දිවියේ සංධිස්ථානයකි.

[vsw id=”/watch?v=HRDVfFhPYo0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.