සිසුවියන් නිල් චිත්‍රපටවල

 

Couple Kissing

 

 

 

මෙරට විශ්වවිද්‍යාලවල, ජාත්‍යන්තර පාසල්වල හා ජනප‍්‍රිය පාසල්වල ඉගෙනුම ලබන තරුණ සිසුවියන් රැසක් සිය කැමැත්තෙන් නිල් චිත‍්‍රපට සඳහා පෙනී සිටීමේ වැඩි ප‍්‍රවණතාවක්

ඇති වී ඇතැයි ශ‍්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි. අප ඒ සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරියකු ප‍්‍රකාශ කළේ එවැනි සිදුවීම් සම්බන්ධව පැමිණිලි රාශියක් මේ වනවිට ලැබී ඇති බවත්, එම පැමිණිලි සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්ය.

එසේම පාසල් යන වයසේ පසුවන ගැහැනු ළමුන්ගේ නිරුවත් ඡායාරූප සම්බන්ධව ලැබී ඇති පැමිණිලි විස්සකට අධික ප‍්‍රමාණයක් පිළිබඳව ද මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. මේ ඡායාරූප වැඩි ප‍්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වෙබ් කැමරා සහ සෙල්ෆි ඡායාරූප මාර්ගයෙන් බවද සඳහන් වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරන අන්දමට මෙවැනි නිරුවත් ඡායාරූප විශාල ප‍්‍රමාණයක් මේ වනවිට ෆේස්බුක් සහ ස්කයිප් යන සමාජ වෙබ් අඩවි ජාලා තුළ සංසරණය වෙමින් පවතින අතර එම ඡායාරූප වෙබ් අඩවි තුළට මුදාහැර ඇත්තේ බොහෝ විට එම තරුණියන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් විසින්ම බව ද අනාවරණය වී තිබේ.

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.