සී එස් එන් නාලිකාව පවරා ගැනීම යහ පාලනයද ?-විපුල සුමනසේකර

images (71)
.
මෛත්‍රි පාලනයේ පළමු අයවැය ප්‍රකාශ විය. එහිදී ක්‍රීඩා චැනල්වලට කෝටි 100 ක බද්දක් පනවනු ලැබීය. වහෙන් ඔරෝ ඕනේ නෑ මේ සීඑස්එන් (CSN) එකට නෙ පැනෙව්වේ. දැන් බද්ද ගෙවන්න බැරි වුණාම සමහරවිට රජයට පවරා ගනියි. අපි දුන්නා මහින්දගෙ පවුලේ නාලිකාවට වැඩක් යැයි කියමින් පුරසාරම් ගසාවි…
.
එකේ උපත හා අයිතිකරුවන් ගැන හෝ එවන් චැනලයක් බිහිවීම සාධාරණීකරණය කරන්න නෙවෙයි මං හදන්නේ. මහින්ද රාජපක්ෂ, ජනමාධ්‍ය ඇමති, ජනාධිපති ලේකම්, මොහාන් සමරනායක(ගොබෙල්ස්) ඇතුළු ආන්ඩුව හා සියලු නරුමයින් මට හොඳට සැලකුවා. 2011 සිට කන්දුන්නේ නෑ. ඔවුන් අන්ධයින්, ගොළුවන් හා බිහිරන් කියලා ලියාපදිංචි ලිපි මගින්, පුවත්පත් මගින් සහ මේ බුකියේ මෙන්ම සියළු වෙබ් අඩවිවල පවා මං ලිව්වා. තවමත් මා ජීවතුන් අතරයි.
.
නමුත් පලිනොගන්නවා යැයි පුරසාරම් දොඩමින් යහ පාලනයක්, මෛත්‍රී පාලනයක් කියමින් මේ කරන්නේ කුමක්ද?
.
දුප්පත් ටෙලිනාට්‍ය කලාකරුවන් හදන ටෙලිනාට්‍යයකටවත් හරිහමන් මුදලක් ගෙවන්න මේ කිසිම චැනල් එකකට බැහැ. කලාකරුවන් දණගස්සවන, අල්ලස හා දුරාචාරයට මගපාදන, ඒ සඳහා සියළු රූපවාහිනී නාලිකා බලධාරීන් සහ ආත්මයක් නැති දූෂිත කලාකරුවන් පොළඹවන ටෙලිනාට්‍ය (අව) තක්සේරු කරන, අධම, නින්දිත, දුර්ධාන්ත ක්‍රමවේදය වෙනස් කරන ලෙස මා මෛත්‍රී රජයෙන් ඉල්ලා සිටිනවා.
.
එසේ නොකර මෙලෙස පසුගිය රජයෙන් හා හාම්පුතුන්ගෙන් පලිගැනීම යහ පාලනය නම් අනාගතයේ ඇතිවන තත්වය ගැන කුමණ කතාද ?

 

 

vipula

ඒ විපුල ගේ ප්‍රශ්න කිරීමයි

විකාශන අයිතිය යළි ජාතික රූපවාහිනියට

 

soma

විපුල සුමනසේකර ගේ ප්‍රශ්න කිරීමට ලක්වෙන රාජපක්ෂ පවුලේ  සී.එස්‌.එන්. නාලිකාව සතු කරගෙන ඇති ක්‍රිකට්‌ තරග විකාශන අයිතිය යළි ජාතික රූපවාහිනියට ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ප්‍රකාශ කොට ඇත.

මේ නාලිකාව පිහිටවූ  ආකාරය සහ පවත්වාගෙන  ගිය ආකාරය  පිළිබඳව ප්‍රශ්න රැසක් ඇතත් වඩාත් බැරෑරුම් ලෙස කැපී පෙනෙන්නේ  ක්‍රීඩා  තරඟ විකාශන අයිතිය ලබාගත් ආකාරයයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සහභාගිවන ජාත්‍යන්තර තරග සියල්ල 2015 වනතෙක් මෙරට විකාශය කිරීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ පුත්‍රයින්ට අයත් ‘කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස්’ (CSN) ආයතනට පවරා දුන්නේ  රුපියල් මිලියන 125  කටය. මෙය තරග විකාශන අයිතිය ලබා ගැනීමේ ගිවිසුමකට කිසිසේත් ප‍්‍රමාණවත් මුදලක් නොවේ.

කෙසේවුවද තරග සංචාර 11 කට අයකර ඇති මුදල රුපියල් මිලියන 125 කි. එම මුදල් අගය සංචාර ගණනින් බෙදන්නේ නම් එය රුපියල් මිලියන 11 ක් පමණය. මේතාක් කල් තරග සංචාරයක් සදහා අවම වශයෙන් රුපියල් මිලියන 25-30 ත් අතර මුදලක් රුපවාහිනිය ගෙවා තිබේ. ලෝක කුසලාන තරගාවලියක මිල අවම රුපියල් මිලියන 50-60 වේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින්, ඔහු ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කරන ‘කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස්’ ආයතනයට මෙම විකාශන අයිතිය හොර රහසේම පවරා දී ඇත්තේ, මූලික නීති රීති පද්ධතියද උල්ලංගනය කරමින් බව මේවනවිට විට හෙලිවී ඇත. ඉන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 150 කට අධික බවට ගණන් බලා තිබුනි.

රුපවාහිනියට හෝ ක්‍රීඩා තරග විකාශය කරනු ලබන වෙනත් රුපවාහිනි ආයතන වලට මෙම ටෙන්ඩරය සදහා ඉදිරිපත් වීමට දැනුම්දී  තිබුනේ නැත. මීට පෙර මෙවැනි තරග විකාශයක් පවරාදීමේදී අනුගමනය කළ ක‍්‍රමවේදය වූයේ සියලූ‍ම තරග සදහා ලංකාවේ සියලූ‍ම නාලිකාවලට ෆැක්ස් යවමින්, මිලගන්නන් කැදවීමය.වසර 3 කට විකාශන අයිතිය ලබාදීමේදී නිශාන්ත රණතුංග මහතා  මිලගන්නන් කැදවීමක් සිදු කලේ නැත.

අළුතින්  ප‍්‍රථම ආරම්භ කල ආයතනයකට රුපියල් මිලියන 125 ක් ලැබුනේ කෙසේද යන්න තවත් ප්‍රශ්නයකි.

මෙම නාළිකාවේ ප‍්‍රධාන කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිතකලා බවත් , රාජ්‍ය ආයතනවලින් ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කර ගනු ලැබූ නිලධාරි හා සේවකයින් 85 දෙනෙකු පමණ මෙම නාලිකාවේ සේවයට  යෙදවූ බව චෝදනා නැගී තිබේ.

යොදවා තිබේ. ඔවුන්ගේ වැටුප්, දීමනා, සියල්ල ගෙවනු ලබන්නේ ඒ ඒ රජයේ ආයතන විසිනි. මෙම නාළිකාවේ ඉංජිනේරු අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ප‍්‍රියන්ත අබේරත්න නැමැත්තා අදටත් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ‍ආයතනයෙන් පඩි ගන්නා සේවකයකි.

මෙම නාලිකාව විකාශන මැදිරි ලෙස යොදා ගන්නේ බත්තරමුල්ල වික‍්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී සේවයට අයත් මැදිරි සංකීර්ණය යොදාගත් බවත්  සම්පේ‍්‍රෂණ කයුතු සදහා ස්වාධීන රූපවාහිනී සේවයට අයත් සිංහරාජ විකාශනාගාරය යොදා  ගත් බවත් වාර්තා විය.

 

hqdefault (1)

රාජ්‍ය සම්පත්

මෙම නාළිකාව විකාශය කෙරෙන්නේ ප‍්‍රයිම් ටී. වී. තරංග ඔස්සේ විකාශනය කල් බවත් එම තරංග 2006 වර්ෂයේදී ජාතික හෙළ උරුමට ලබාදී පසුව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ලබා දුන් තරංග  බවත් ආරංචි විය. රූපවාහිනී ආයතනයේ වාහනද මෙම නාළිකාවේ පරිහරණයට ලබා දී ඇත. එසේම එම නාලිකාව භාවිත කළ  ඕ. බී බස් රථය හෙවත් ජංගම මැදිරිය ජනාධිපති කාර්යාලයේ එකකි.මල්ටි කැමරා හෙවත් බහුකාර්ය කැමරා උපකරණද ජනාධිපති කාර්යාලයට අයත් ඒවා  බව මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන්ට අයත් බව පැවසෙන එම නාලිකාවට විකාශන අයිතිය ලබාදීම පිටුපස බරපතල වංචාවක් සිදුවී ඇතැයි සැක කිරීමට සාධාරණ හේතු තිබෙන බව, දූෂණ විරෝධී ක්‍රියාධරයකු වන ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ හිටපු ප්‍රධානී නීතිඥ ක්‍රිෂාන්ත වැලිඅමුණ පෙන්වා දුන්නේය.

එම විකාශන අයිතිය ලබා ගැනීම සඳහා මීට පෙරාතුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් එක්කෝටි 43 න් ලක්ෂයක් ගෙවා තිබෙන නමුත්, මෙවර CSN නාලිකාව ඒ සඳහා ඉදිරිපත් කරන ලද ලන්සුව රුපියල් එක්කෝටි 25 න් ලක්ෂයක් පමණක් බවයි, සන්ඩේ ලීඩර් පුවත්පත  කියා සිටියේය.

 

 

rupa

දැන්වීම නොදුටුවේ මන්ද?

ඉදිරි වසර තුන සඳහා විකාශන අයිතිය ලබාදීම පිණිස ඉල්ලුම්පත්‍ර කැඳවූ අවස්ථාවේ ඉල්ලුම් පතක් ඉදිරිපත් කළේ CSN නාලිකාව පමණක් බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කල අතර මෙවර එම අයිතිය ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළේ මන්දැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක ගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටීයේ සඳහන් කළේ රූපවාහිනී සංස්ථාවේ නිලධාරීන් අදාල පුවත්පත් දැන්වීම නොදුටුවේ මන්දැයි පරීක්ෂණයක් පවත්වන බවයි.එහෙත් මේ තාක් ඒ පරීක්ෂනයේ ප්‍රතිපල දැනගන්ට නැතත් කෝටි ගණනක පාඩුවක් රූපවාහිනි සංස්ථාවට සිදුවූ බව නම් දැනගන්නට නැත.

වසර තුනක කාලයක් සඳහා ක‍්‍රිකට් තරගවල දේශීය රූපවාහිනි විකාශන අයිතිය කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක් ආයතනයට පැවරූ විට  ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා  කියා සිටීයේ ‘තාක්ෂණ කමිටුව සෑහීමකට පත්වෙලා තියෙනවා මේ ලැබිලා තියෙන මුදල් ප්‍රමාණවත් කියලා. ඉතිං ඒ නිසා අපිට ගැටලුවක් නෑ’ යනුවෙනි.

තත්වය මෙසේ තිබියදී විපුල සුමනසේකර නගන්නේ වැදගත් ප්‍රශ්නයකි.මේ ගැන හොයා බලා ඍජු පියවර ගන්නේ නැතුව වහෙන් ඔරෝ ක්‍රම වලින් ආයතනයක් අඩපන කිරීම යහ පාලනය නොවේ.මේ කෙරන්නේ අඬුව තිබියදී අත පුච්චා ගැනීමකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.