සුපිරි බස් සුව

පසුගිය ජනවාරි 08 වනදා දේශබන්දු සුමනදාසගේ සුභ නැකතින් රාජපක්ෂ පවුල් පාලනයේ ප්‍රධානියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්ව රාජපක්ෂ පවුල් පාලනයෙන් රට මුදවා ගන්නා තෙක්ම සියලු රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ සහචරයින් මෙරට පොදු මහජනතාවගේ මුදලින් කම්සැප කෙළි සැටි මේ වන විට සාක්ෂි සහිතව හෙළිදරව් වෙමින් පවතී.

මේ අතර පසුගිය 29 වැනිදින විදේශ කටයුතු අමාත්‍යංශයට ගෙනත් දමා තිබූ අධි සුඛෝපභෝගී බස්රථ දෙක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හා සජීන් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා පරිහරණය කළ බවට තොරතුරු මේ වනවිට අනාවරණය වේ. ඒ බව තහවුරු වන ඡායාරූප මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් තිබෙන අතර ඌව හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ හා පවුලේ පිරිස් මෙම බස්රථයකින් ගමන් ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප හමු වී ඇත.

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සහභාගී වූ රාජ්‍ය නායකයින්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ගෙන්වූ බව කියන මෙම සුපිරි පහසුකම්වලින් සමන් විත බස් රථ දෙක විදේශ කටයුතු අමාත්‍යංශයට පසුගිය 29 වෙනි දින කිසියම් පිරිසක් විසින් ගෙනත් දමා තිබිණි. මෙම බස්රථ දෙක තුළ මුළුතැන් ගෙයක්, නාන කාමර, නිදන කාමර, සෝෆා, විදුලි පංකා, වායු සමීකරණ හා ශීතකරණ පහසුකම් වලින් සමන්විතව සුපිරි නිවසක තත්වයේ ඇත.

මෙම බස්රථ දෙක පිළිබඳ තොරතුරු හෙළිකිරීම විදේශ කටයුතු අමාත්‍යංශ විසින් සඟවමින් තිබෙන අතර එක් බස්රථයක වටිනාකම රුපියල් ලක්ෂ 250ක් ඉක්මවන බව වාර්තා වේ. මේ පිළිබඳව සිදුකරන පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හා සජීන් වාස් මන්ත්‍රීවරයා විසින් මෙම බස්රථ දෙක පාවිච්චි කර ඇති බවයි. සජීන් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා පුවත්පතකට ප්‍රකාශ කර ඇත්තේ තමන් එහි ගමන් බිමන් ගොස් ඇති නමුත් දිගටම පරිහරණය නොකර බවයි.

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් මෙම බස්රථ දෙක ලබා ගැනීම වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ නවයක් බැගින් මේ වන විට රුපියල් ලක්ෂ 252ක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ගෙවා තිබෙන බව හෙළි වේ. එහෙත් වාර්ෂිකව සිදු කරනු ලබන භාණ්ඩ ලේඛණ පරීක්ෂාවේදී මෙම බස්රථ දෙක නොමැති වීම ගැටලුවක් වී තිබේ. එසේ තිබියදී මෙම බස්රථ දෙක පසුගිය 29 වැනි දින අමාත්‍යංශ භූමියට ගෙනත් දමා තිබේ. එසේම ජනාධිපතිවරණය අවසන් වී මාසයකට ආසන්න කාලයක් මෙම බස්රථ දෙක තිබූ ස්ථාන පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවීමද විශේෂත්වයකි.

MR-sepa-01

 

 

 

 

 

 

 

MR-sepa-03

 

 

 

 

 

 

 

MR-sepa-05

 

 

 

 

 

 

 

 

MR-supi

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.