සුසිල් අගමැති/විපක්ෂ නායක පුටුවට ?

susil

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා තමාගේ සැඟවුණු න්‍යායපත්‍රයක් යටතේ ඉතා උපක්‍රමශීලිව සන්ධානය සහ එහි සියලු පාර්ශව කරුවන් හසුරවමින් සිටින බවට මේ වන විට අනාවරණය වී තිබේ. ඒ බව ඊයේ(18) සිරස සටන දේශපාලන වැඩසටහනේදී ඉතා සූක්ෂමව අනාවරණය කරගැනීමට එම වැඩසටහන මෙහෙයවූ සුරංග සේනානායක නඟන ලද ප්‍රශ්නයත් සමඟ හැකිවිණ.

කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා කිසිඳු ලෙසකින්වත් අගමැති නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි පොරොන්දුවක් ලබා දී තිබියදී යම්හෙයකින් බහුතර බලයෙන් සන්ධානයෙන් අගමැතිවරයෙකු තෝරාපත් කරගනු ලැබුවහොත් එය හිමිවන්නේ කාටද? ජනාධිපතිවරයා සඳහන් කළා යටි පෙළට එන්න ඉඩ දෙන්න ඕනෑ කියන ප්‍රකාශයක්. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාට නේද ඒක කළේ? අගමැතිවෙන්න නේද ඔබතුමාගේ හීනය තියෙන්නේ? යැයි මාධ්‍යවේදී සුරංග සේනානායක මහතා නැඟූ ප්‍රශ්නය හමුවේ එක්වරම සුසිල් ප්‍රේමජයන්ත මහතා දැඩි තිගැස්සමටත්, අපහසුතාවයටත් පත් වූ අයුරු ඉතා පැහැදිලිව දක්නට ලැබිණ.

ඊට පිළිතුරු දක්වමින් කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූයේ, “අනේ..අනේ.. දැන්මම මාව කපන්න යන්න එපා”

එවිට මාධ්‍යවේදී සුරංග සෘජුව විමසුවේ ඔබතුමාට අගමැතිධුරය ලබාදුන්නොත් භාරගන්නවාද? එපා කියනවාද? යන්නයි. එයට පිළිතුරු ලෙස මඳ සිනහවක් පාමින් සුසිල් ප්‍රේමජයන්ත පැවසූයේ,

“ඔව්, ඒක තීරණය කරන්නේ අලුතින් පත්වෙන පාර්ලිමේන්තුවයි ජනාධිපතිතුමානේ. ඔව්, ඒ දුන්නොත් නේ.. දුන්නොත් බලමු..” ලෙසයි.

එය තහවුරු කරමින් මාධ්‍යවේදී සුරංග පැවසුයේ, “රේල් පාරක් තියෙන්න ඕනෑනේ කොච්චියක් යන්නත්”

ඊට ඉතා සතුටු සිනහවක් පාමින්, සුසිල් “අනේ මාව දැන්ම අමාරුවේ දාන්න එපායැ’යි” කියමින් නිහඬ විය.

කෙසේ වෙතත් ඊට සුසිල් නියෝජනය කරමින් සටනට පැමිණි ආධාරකරුවන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබිණ.

මෙවර මහමැතිවරණයට නාම යෝජනා ලබාදීමට පෙර සුසිල් ප්‍රේමජයන්ත මහතාට අගමැති අපේක්ෂකත්වය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී ඇති බවට තිබෙන බවට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබී තිබිණ.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව සන්ධානයේ ලැයිස්තුවට ඇතුලත් කරන ලෙසට මහින්ද රාජපක්ෂ බලපෑම් කරද්දී පවා ඔහුගේ නම කොළඹ සන්ධාන නාමයොජනා ලැයිස්තුවෙන් කපා දැමීමට කොළඹ දිස්ත්‍රික්කයම නියෝජනය කරන සුසිල් ප්‍රේමජයන්ත මහතා සැලසුම් සහගතව කටයුතු කරනු ලැබුයේ, දුමින්ද සිල්වා ඉදිරිපත් වීම තුළ ඔහු සුසිල් ඉක්මවා ඉදිරියට පැමිණීම අනිවාර්යෙන්ම සිදුවන හෙයින් එය සුසිල්ගේ සැලැස්මට බාධාවක් වන නිසාවෙනි.

කෙසේ වෙතත් ඉතා විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවන්නේ, සුසිල් ප්‍රේමජයන්ත සන්ධානය තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන අතර එය මහින්ද රාජපක්ෂටද ප්‍රශ්නාර්ථයක් වී ඇති බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත් වුවහොත් සුසිල් ප්‍රේම ජයන්ත විපක්ෂ නායක තනතුරට පත් කිරීමට ජනාධිපති සිරිසේන මහතා ගේ විකල්ප සැලසුම බවට පත්වෙමින් පවතී.

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.