සුළු ජාතින් අලියා පිටෙන් බිමට

unpමේ රටේ සුළු ජාතීන්ට වැඩිම වැඩ කොටසක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය සුළු ජාතීන් අමතක කරමින් කටයුතු කිරීම නිසා තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව  ඒ මහතා කියයි. ඊයේ  (06) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කිය.

“අද එ.ජා.ප.යේ සිටින සමහර ප්‍රධාන අමාත්‍යවරුන් හා ඇතැම් ප්‍රධානීන් සුළු ජාතීන්ගේ අවශ්‍යතා ගැන හෝ සුළු ජාතීන් නියෝජනය කරන අමාත්‍යවරු ගැන උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ අත්දැකීම මට මගේ අමාත්‍යාංශය තුළම තිබෙනවා. එම නිසා මෙම ක්‍රියාව සුළු ජාතීන් එ.ජා.ප.යෙන් ඈත්වී සුළු ජාතීන්ගේ සහාය එ.ජා.ප.යෙන් දුරස්වන බවකුයි මට හැගී යන්නේ.“

“චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනි ලෙස පත්වීමෙන් පසු කඳුකර ජනතාව වෙනුවෙන් වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයක් නිර්මාණය කළා. ඉන් සුළු ජාතීන්ගේ සංවර්ධන කටයුතු රැසක් කිරීමට හැකි වුණා. අනතුරුව බලයට පත්වුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ පළමු ධුර කාලයේදී සුළු ජාතීන්ගේ දියුණුව සදහා වැඩිපුර මුදල් ලබා දුන්නා. නමුත් එතුමාගේ දෙවන කාලයේදී සුළු ජාතීන් ගැන වැඩි උනන්දුවක් තිබුණේ නෑ.සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න නොහැකි වුණා. ඒ හේතුව නිසා පසුගිය  මැතිවරණයේදී එතුමා පරාජය වුණා.“

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.