සෙබලා පිළිස්සු සැකකරුවන් අත්අඩංගුවට

5047-galle821069908

 

 

 

 

අතුරුගිරිය පොලිසිය අද (24) අලුයම සොයාගත් මළ සිරුර හිමි පුද්ගලයා ගේ මරණය සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරයෙක් ඇතුළු සිව්දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගෙන් ඇත.

මිය ගිය පුද්ගලයා යුද හමුදාවෙන් පැන ගිය අයෙක් බව  පොලිසිය  කියා සිටී.

පිළියන්දල මඩපාත නිවසකදී ඔහු පැහැරගෙන අතපය බැඳ පොලිසියට බාරදීමට යැයි කියා රැගෙන ගොස් අතරමගදී මරා පුළුස්සා ඇතැයි වාර්තා වේ.

ගාල්ලේ පදිංචි මියගිය පුද්ගලයා මීට මාසයකට පමණ පෙර අතුරුගිරියේ නිවසකට අනවසරයෙන් ඇතුළුවෙද්දී පොලු පහරක් වැදී ඇතැයිද ඉන්පසු ඒ නිවසට වෙඩි තබා ඇතැයිද පොලිසියට තොරතුරු ලැබී ඇත.

විදුලි ඉංජිනේරුවා මාලදිවයිනේ සේවය කළ බවද අත් අඩංගුවේ සිටින දෙදෙනෙක් ඔහුගේ මස්සිනාලා බවද පොලිසිය පවසයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.