සෙසු විනිසුරුවන් විරුද්ධයි-එත් අග විනිසුරු වැඩ

 

 

ccourt

 

ජනපතිවරණයදා අරලිය ගහ මන්දිරයේ සිටි බවට අග විනිසුරු මොහාන් පීරිස් පිළිගැනීම ගැන තම වික්ෂිප්ත භාවය පළ කරන අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ අග විනිසුරු ගරුත්වය හා උත්තරීතර භාවය සුරැකෙන ආකාරයෙන් අග විනිසුරු ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තුවන බවයි.

මෙම සංගමය මහේස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ.

ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේ ප්‍රතිඵලය නොතකා හිටපු ජනාධිපතිට ධුරයේ රැඳී සිටීම සඳහා සාකච්ඡාවක් පැවැති බව කියන අවස්ථාවක අග විනිසුරු අරලිය ගහ මන්දිරයේ සිටි බවට රහස් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව ආරම්භ කළ පරීක්ෂණය ගැන අධිකරණ සේවා කොමිසම දැඩි කනස්සල්ල පළ කරන බව එහි විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

අපරාධයකට සම්බන්ධ වීමේ ඉඩකඩ කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරයේදී කුමන්ත්‍රණයක් සිදුවූයේ යැයි කියන වේලාවේ අග විනිසුරු එහි සිටීම ගැන තම සංගමය වික්ෂිප්ත භාවය පළ කරන බවද මෙවැනි වැදගත් ප්‍රශ්නවලදී අධිකරණය පරම හා ඒකාන්ත ලෙසම අපක්ෂපාතී වීම වැදගත් බව සංගමය අවධාරණය කරයි.

එවැනි අවස්ථාවලදී අපේ රාජකාරිය විය යුත්තේ දේශපාලන හා විධායක තීන්දු තීරණවලින් ඉවත්වී සිටීම බවත් සංගමය අවධාරණය කරන බව එහි ලේකම් රංග දිසානායක මහතා මෙම නිවේදනයෙන් කියයි.

මොහාන් පීරිස්

 

මේ අතර අග විනිසුරු මොහාන් පීරිස් මහතා අද(26) අංක 502 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ ශාලාවේ සිය නිල කාමරයේදී දෛනික රාජකාරීවල නිරත විය.

ඊවා වනසුන්දර අග විනිසුරු සමග රාජකාරියට එක්ව සිටියාය. එහෙත් විනිසුරු සිසිර ඩී. ආබෲ පැමිණ සිටියේ නැත. අග විනිසුරු සුපුරුදු පරිදි දෛනික නඩු ලේඛන ආදිය පරීක්ෂා කරමින් රාජකාරියේ යෙදී සිටියේය.

නීතී වේදීන් ගේ සංගමය  අග විනිසුරු මොහාන් පීරිස් මහතා තනතුරෙන් ඉවත් කිරීමට බලපෑම් සහගත වැඩ පිළිවෙලක නිරත වීමට එකඟ වී ඇත.මේ අතර වාරේ අග විනිසුරුවරයාට ඉතාලියේ තානාපතිකම පිරිනමා ගැටළුව ගොඩින් බේරා ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවක් පිළිබඳවද  නීතිවේදීන් ගේ සංගමයේදී හතා බග කෙරී වී ඇත.

යහපාලනය ගැනකථා කරමින් ප්‍රශ්නයක් මතු වූ විට වංගු මාර්ග වලින් ප්‍රශ්නය විසඳා ගැනීම හෙලා දැකිය යුතු බව නීතීවෙදීහු බහුතරයක් කියා සිටිති.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.