සෝපානයයේ හිරවූ යුවළ නඩුවෙන් යුග දිවිය අරඹති

weddingවිදුලි සෝපානයේ සිරවී දහඩියෙන් තෙත් වී මහත් කම්පනයට හා ලැජ්ජාවට පත්ව සිටි තමන් ඉන් එළියට එන විට නැකත් වේලාව පසු වී තිබු නිසා කලින් සුදානම් කරගෙන තිබු පරිදි නැට්ටුවන් පෙරටු කරගත් පෙරහරකින් යෑම පසෙක දමා කෙළින්ම ගොස් විවාහ රෙජිසට‍්‍රාර්වරිය ඉදිරියේ අත්සන් කළේ ප‍්‍රතිඥා දීමවත් නොකොට යැයි කොළඹ තරු පංතියේ සුපිරි හෝටලයකින් රුපියල් ලක්‍ෂ 50ක වන්දි ඉල්ලා පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් නීතීඥ වරුණ නානායක්කාර මහතා පැවසීය.

සිය විවාහ උත්සවය අවස්ථාවේදී අදාළ හෝටලයේ විදුලි සෝපානයේ සිරවීමෙන් තමන් අසරණ තත්වයට පත්වීමෙන් තමන්ට සිදුවු පීඩාව සඳහා රුපියල් ලක්‍ෂ 50ක වන්දියක් අයකර දෙන දෙන ලෙස ඉල්ලමින් එම හෝටලයට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ දිසා විනිසුරු ජයකි අල්විස් මහත්මිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එම සිද්ධියට මුහුණ පෑ නීතීඥ වරුණ නානායක්කාර මහතා එසේ පැවසීය.

නුගේගොඩ උඩහමුල්ලේ පදිංචි නීතීඥවරයෙකු වන වරුණ නානායක්කාර මහතා 2015 ඔක්තෝම්බර් මස 22 වැනිදා සිය විවාහ උත්සවය අදාළ හෝටලයේ දී ගත් බවත් එහි විදුලි සෝපාන හෝටලය විසින් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා එහි විදුලි සෝපානයේ සිරවී තමන් අසරණ තත්වයට පත්වීමෙන් තමන්ට සිදුවු පීඩාව සඳහා රුපියල් ලක්‍ෂ 50ක වන්දියක් අයකර දෙන දෙන ලෙසත් ඉල්ලමින් නානායක්කාර මහතා මෙම නඩුව පවරා ඇත.

‘‘විදුලි සෝපානය බිම් මහළේ සිට 10 වැනි මහළ දක්වා යන අතරතුර 01 සහ 05 වැනි මහල් අතර එකවරම විදුලි සෝපානයෙන් විශාල ශබ්දයක් ඇති වී විදුලි සෝපානය නතර වුණා. ඒත් එක්කම විදුලි සෝපානය තුළ හොඳට තිබු විදුලි ආලෝකය ගොඩාක් අඩු වුණා. ඒ වන විට 68 වැනි වියේ පසුවු මගේ මව කළබල වී කෑ ගසන්න පටන් ගත්තා. අපි අපේ ළඟ තිබු ජංගම දුරකතනවල විදුලි බල්බ දල්වාගෙන විදුලි සෝපානයේ ‘මයික්’ එකෙන් හයියෙන් කෑගසමින් ආධාර ඉල්ලූවත් කිසිවෙකු ඊට පිළිතුරු දුන්නේ නැහැ. විදුලි සෝපානය තුළ අපි හිරවු පසු මහත් කම්පනයට පත් වුණා. මේ නිසා මංගල උත්සවය සඳහා ඇඳගෙන සිටි අපේ ඇඳුම් දහදියෙන් තෙත් වුණා. විනාඩි 10ක් පමණ අපි සියලුදෙනා මෙලෙස විදුලි සෝපානය තුළ හිර වී සිටියා. එසේ සිටියදී විදුලි සෝපානය එකවරම ක‍්‍රියාත්මක වී ඉහළට ගියා.

10 වැනි මහලේ විදුලි සෝපානය නතර විය යුතු තැනට අඩියක් පමණ උඩට ගොස් විදුලි සෝපානය නතර වුණා. නියමිත තැන විදුලි සෝපානය නතර නොවීම නිසා ඒ තුළ සිට අපිට අඩියක් පමණ උසකින් බිමට පනින්න සිදුවුණා. අසනීප තත්වයන්ගෙන් සිටි මගේ වමට හා පියාටද විදුලි සෝපානයෙන් බිමට පනින්න සිදුවුණා. එසේ පැණීමෙන් මවගේ කකුල ආබාධයට ලක් වුණා. මංගල උත්සවය අවසානයේදී මගේ සහෝදරයා, රියදුරුද සමඟ මට ලැබුණු තෑගී ආදිය ගෙන යද්දී රාත‍්‍රී 11.30ට පමණ යළත් වරක් එම විදුලි සෝපානයේම සිරවුණා.‘‘ යැයි ද ඔහු සාක්කි දෙමින් කීය.

මෙම නඩුව ලබන දෙසැම්බර් 05 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරුවරිය මේ නඩුව සම්බන්ධයෙන් සමථයක් ඇත්දැයි එදින දැනුම් දෙන ලෙස ද නියම කළාය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.