සෝභිත හිමි සමරුවට ජනපතිට අරාධනා තිබුනා?

sobhitha theroසෝභිත හිමි ගුණසමරුව සඳහා තමන්ට ආරාධනා කෙළේ නැතැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශය සත්‍ය නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශයකයෙක් පවසයි.

තම ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ සෝභිත හිමි ගුණ සමරුව සඳහා ජනාධිපතිවරයා වෙත යවන ලද ඇරයුම් පත්‍ර වලින් පළමු වැන්න ඔහුගේ පැජට් පාරේ නිවසට අතින් ගොස් බාර දුන් අතර, දෙවැන්න ජනාධිපතිගේ දින පොත බාරව සිටින එරික් වීරවර්ධන මහතාගේ අතටම ගොස් බාර දුන් බවත්, තෙවැන්න ජනාධිපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතාට බාර දුන් බවත් සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

ජනාධිපතිවරයා මෙකී ආරාධනාව සම්බන්ධයෙන් ඊයේ කීවේ මෙසේය.

“ මේ උත්සවයට මට ආරාධනයක් නෑ. කිසිම දැනුම් දීමක් නෑ. මේ රටේ අනිත් දේවල් සිද්ධ වෙන්නෙත් එහෙමයි. මගේ මාධ්‍ය අධ්‍යක්ෂක මට කීවා, සර් ඕකේ මූලිකත්වය ඉන්නෙ රවි ජයවර්ධන මහත්තයනේ කියලා කීව. මං රවිට කෝල් එකක් අරන් ඇහුව රවි හෙට තියෙනවාද මෙහෙම එකක්, මට මේ පිටින් ආරංචි වුනා මට නම් ආරාධනයක් නෑ කියලා. ටික වේලාවකට පස්සෙ රවි මට ආයිත් කතා කෙරුවා. කතා කරලා කීවා සර් වැරදීමක් වෙලා තියෙනවා. ඔක්කොමලා හිතලා තියෙනවා සර්ට කවුරු හරි ආරාධනය දෙයි කියලා නමුත් කවුරුවත් දීල නෑ කියලා.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.