සෝමවංශත් මහින්දට

ජවිපෙ න් ඉවත් වූ සෝමවංශ ජවිපෙ විකල්ප කණ්ඩායම හමු වෙයි

 

 

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සමග ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායම විශේෂ හමුවකට සහභාගී වී ඇත.

ඒ අනුව තම කණ්ඩායම සමග සාකච්ඡාවක් පැවැත්වූ බවයි ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායමේ කැඳවුම්කරු අනුරුද්ධ පොල්ගම්පල මහතා මාධ්‍යට පවසන ලද්දේ.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමත් සමග ගතයුතු ඉදිරි දේශපාලන පියවර සම්බන්ධයෙන් සෝමවංශ අමරසිංහ මහතා මෙසේ එහිදී සාකච්ඡා කළ බවයි වැඩි දුරටත් වාර්තා වුයේ.

පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත්වීමත් සමග රට තුළ බටහිර බලවේගයන් ක‍්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරණයේදී  ස්වාධීන අපේක්ෂකක් ලෙස තරඟ කළ  අනුරුද්ධ පොල්ගම්පල  කියා සිටියේ.

 

තම කණ්ඩායමේ පූර්ණ සහාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව ඒ මහතා  කිය සිටියේ.දැනට හෙළිදරව් වන කරුණු වලට අනුව මෛත‍්‍රීපාල සිරිසේන මහතා හරහා බටහිර බලවේගයක් ක‍්‍රියාත්මක කර රට අස්ථාවර කිරීමේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වන හෙයින් එය පරජය කිරීම සඳහා  පොල්ගම්පල ඇතුළු පිරිස සෝමවංශ අමරසිංහ මහතාත් එක කරගෙන ඇත.

 

තමන් පිහිටවනු ලබන නව පක්ෂයේ සලකුණ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා සමග අද සාකච්ඡා කළ බව සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

සෝමවංශ අමරසිංහ මහතා ඉදිරියේදී ගොඩ නැගීමට නියමිත දේශපාලන පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකට දේශපාලනය කිරීමට ඉඩ ඇති බවටත් තොරතුරු වාර්තා වේ.මේ කථාව ඇත්ත නම් අනුර කුමාර දිසානායක ඩබල් ගේමකි.

ඒ ජනතා විමුක්ති පෙරමුණට දිනාගත නොහැකි ජන කොටස්වල ඡන්දය දිනා ගැනීමේ අරමුණින් බවත් පක්ෂ දේශපාලන අභ්‍යන්තර තොරතුරුවල සඳහන් වෙයි.

z_P4-Pa4 (1)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.