සෝමවංශ ගේ අළුත් පක්ෂය මොන වගේද?

Page-1 Pic (1)ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පක්‌ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්‌වී ඇත. ඉල්ලා අස්‌වන විට ඒ මහතා ජනතා විමුක්‌ති පෙරමුණේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. පක්‌ෂය තුළ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව සෝමවංශ අමරසිංහ මහතා කියතත් හරි හැටි හේතුවක් දක්වා නැත.

 

පක්‌ෂයෙන් ඉවත් වූ තමා අලුත් පක්‌ෂයක්‌ පිහිටුවන බවද ඔහු පැවසීය. ඔහු පිහිටුවන අලුත් පක්ෂයේ දේශපාලන හැඩරුව හෝ ඔහු පසුපස එන අනුගාමිකයින් ගැනද හිතා  ගන්ට බැරිය. අමරසිංහ නමට පශ නායකයා වුවත් හැබෑවට ඔහුට ගැඹුරු දේශපාලන දර්ශනයක් නොවීය.ඔහු නියෝජනය කරන්නේ ජවිපෙ ගල් කටස් යුගයයි.දැන් ඒ යුගය තාර්කික අවසානයකට පැමිණ ඇත.ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් වාමවාදී පාශයක් නොවේ.එය නවීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන අතර ධනේෂ්වර නිෂ්පාදන මාදිලියක්

තුල සාධාරණත්වය වෙනුවෙන් පෙනීසිටී. මේ තාක් තමන්ගේ සිහින ලෝකය තුළ සමාජවාදී සිතැඟි සන්තර්පණය කළ අමරසිංහයන්ට අසහනයක් දැනීම අරුමයක් නොවේ. නොවේ.

ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රතිපත්ති වර්තමාන සමාජයට ගැලපෙන්නේ නැති බවත් මේ වන විට ප්‍රධාන දේශපාලන පක්‌ෂ ජනතාවගෙන් ප්‍රතික්‌ෂේප වී තිබෙන මොහොතක එම හිඩැස පිරවීමට ජ.වි.පෙ. කටයුතු නොකිරීම නිසා තමා එම හිඩැස පිරවීම සඳහා අලුතෙන් පක්‌ෂයක්‌ පිහිටුවන බව  ඒ මහතා  කියා සිටී. ප්‍රශ්නය වන්නේ මේ හිඩැස කුමක්දැයි ප්‍රකාශ නොකිරීමයි. දනට කළ හැකි එකම් දේ නම් පෙරටුගමින්ට හේත්තු වීමයි.

 

ජයග්‍රහණ ලබාගත යුතු අවස්‌ථාවල පක්‌ෂය ඒ සඳහා කටයුතු කර නෑ… ඒ නිසා මම ඉන්නේ කලකිරීමෙන්. මීට පෙරත් මම නායකත්වයෙන් ඉල්ලා අස්‌වෙන්න හැදුවා. ඒත් පක්‌ෂය ඊට ඉඩදුන්නේ නෑ. ජනතා විමුක්‌ති පෙරමුණ රටේ සමාජවාදය ඇතිකරන පක්‌ෂයක්‌ ලෙස මම සලකනවා. ඒත් ඒ පක්‌ෂයෙ තවදුරටත් කටයුතු කරන්න බැහැ යෑයිද සෝමවංශ අමරසිංහ මහතා කියා සිටී.

සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙ තුළ සිටි හැත්තෑ එකේ කැරැල්ලට සම්බන්ධව මේ වන විට සිටි එකම පුද්ගලයා බවද සැලකේ. තමන්ගේ ම්ස්ස්සිනා වූ

සිරිසේන කුරේගේ අනුග්‍රහය  ඇතිව  1989 දී එතර පැනගත් අමරසිංහයන් ලන්ඩනයේ කල් ගත කළේය.

ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.